ඇමරිකානු නායකයාගේ සුන් වූ අපේක්ෂා
2022-01-21 10:41:55
Share with:

ඇමරිකානු නායකයාගේ සුන් වූ අපේක්ෂා_fororder_微信图片_20220121104103

නව කොරොනා වෛරසය ජයගනිමින්, විවිධ කරුණු මුල්කරගෙන බෙදීමට ගිය ඇමරිකාව යළි සමගියෙන් එක්සත් කරන බවට පසුගිය වසරේ ජනවාරි මාසයේ 20 වැනිදා, ඇමරිකානු නායකයා සිය දිවුරුම් දීමේ උළෙලේදී පොරොන්දු විය. එහෙත්, තවමත් ලෝක වාසීන්ට දක්නට ඇත්තේ, එරට බරපතල  වසංගත තත්ත්වය, ඉහළ උද්ධමනය හා උග්‍ර දේශපාලන ධ්‍රැවීකරණය පමණකි. ඇමරිකානු නායකයාගේ පොරොන්දුව, අරුත් සුන් කතාවක්  බවට පත්ව තිබේ.

වසංගත තත්ත්වය විමසීමේදී, මේ දක්වා, ඇමරිකාවෙන් වාර්තා වූ මරණ සංඛ්‍යාව ලක්ෂ නවයකට ආසන්න වන අතර, එය  පෙර වසරට සාපේක්ෂව ලක්ෂ පහක වැඩිවිමකි. ආසාදිතයින්ගේ සංඛ්‍යාව, වසරකට පෙර කාලය හා සැසඳීමේදී තුන් ගුණයක වර්ධනයකි. ආර්ථිකය අතින් ගත් විට, දුප්පත් ජනතාව දශක හතරක් පුරා පැවතුණු ඉහළම උද්ධමන පීඩනයට මුහුණ පාමින් සිටිති. ඇතිනැති  පරතරය අනපේක්ෂිත මට්ටමකට ඉහළ ගොස් තිබේ.

දේශපාලන ධ්‍රැවීකරණය ඇමරිකානු නායකයාගේ හිසරදයට බලපාන තවත් හේතුවකි. දේශපාලන පක්ෂ අතර ගැටුම් ජන ජීවිතයට බලපා තිබේ. සුන්දර අනාගතයක් යළි ගොඩනැගීම සඳහා ඇමරිකානු නායකයා ගොනු කළ මහා පරිමාණ සැලසුම ඉන් අභියෝගයට ලක්ව ඇත.

ඇමරිකාවේ රාජ්‍යතන්ත්‍රය ද කීර්තිය අත්පත් කර ගැනීමෙහි අසමත් වී තිබේ. සිය සන්ධාන රටවලට නොදන්වා ඇමරිකාව හදිසියේම ඇෆ්ගනිස්ථානයෙන් සිය හමුදාව ඉවත් කළ අතර, ඉන් එරට මානුෂවාදී අතින් දැඩි විපතකට ගොදුරුවිය.

ඇමරිකානු ජනාධිපතිවරයා බලයට පත්වී ගෙවුණු වසරක කල්ක්‍රියාව සම්පිණ්ඩනය කරමින්, බ්‍රිතාන්‍යයේ sky news ආයතනය මෑතකදී පවසා තිබුණේ, “ඇමරිකානු නායකයාට නම්, ගෙවී ගිය වසර, අතිශය රළු පීඩාකාරී අත්දැකීම් සහිත කාලයකි” යනුවෙනි. මේ හැඳින්වීම ඇමරිකාව පිළිබඳ මනා දේශපාලන සවිඥානකභාවයකින් කෙරුණු ඇගැයීමක් බව ද මෙහිදී කිවයුතුමය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන