ඩාවෝස් හි චීන හඬ, කාලය පිළිබඳ ලෝකයේ ප්‍රශ්නයට පිළිතුරු දෙයි
2022-01-18 19:53:59
Share with:

ඩාවෝස් හි චීන හඬ, කාලය පිළිබඳ ලෝකයේ ප්‍රශ්නයට පිළිතුරු දෙයි_fororder_QQ图片20220118195302

ඊයේ (17) චීන ජනාධිපති ෂී ජින්පිං මහතා බෙයිජිං හිදී  2022 ලෝක ආර්ථික සංසදයේ වීඩියෝ සම්මන්ත්‍රණයට සහභාගී වී දේශනයක් පැවැත්වීය. නව වසරේ පළමු බහුපාර්ශ්වික රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාකාරකමේදී, ඉතිහාසයේ සාමාන්‍ය ප්‍රවණතාවේ සිට, හෙතෙම යෝජනා හතරක් ඉදිරිපත් කළේය. වර්තමාන කැපී පෙනෙන ගෝලීය අභියෝගවලට මුහුණ දීම සඳහා ක්‍රියාමාර්ග තුනක් ද හෙතෙම ප්‍රකාශයට පත් කළේය. එම දේශනය චීනයේ අධිෂ්ඨානය සහ ලෝකයට ගෝලීය සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීමට දරන උත්සාහය පැහැදිලිව පෙන්නුම් කරයි. .

ජනාධිපති ෂී ජින් පිං මහතා ඩාවෝස් සමුළුවේදී චීනයේ හඬ ප්‍රකාශ කළ තෙවැනි අවස්ථාව මෙයයි. මීට පෙර, 2017 සහ 2021 දී, චීන ජනාධිපතිවරයා චීනයේ යෝජනාව සහ ආර්ථික ගෝලීයකරණය නිවැරදි කිරීම සහ සැබෑ බහුපාර්ශ්වවාදයට අනුගත වීම පිළිබඳ චීනයේ සැලැස්ම පැහැදිලි කර තිබේ.

මෙම සංසදයේදී, විශාල රටක නායකයා ලෙස ෂී ජින් පිං මහතා  ඉතිහාසයෙන් චීන ජනතාවගේ වටිනා ඥානාලෝකය බෙදාහදා ගත් අතර, ඓතිහාසික ප්‍රගතියේ තර්කනය තුළ සහ යුගයේ සංවර්ධනයේ ප්‍රවණතාව තුළ ඉදිරියට යන ලෙස ඉල්ලා සිටියේ දිගුකාලීන දැක්ම සහ ඓතිහාසික වගකීම පෙන්වමිනි.

සෞදි අරාබියේ බුද්ධි මණ්ඩලයක් වන විද්‍යාත්මක පර්යේෂණ සහ දැනුම් හුවමාරු මධ්‍යස්ථානයේ පර්යේෂකයෙකු වන Abdullah Wadi මහතා පවසන පරිදි, සැබෑ බහුපාර්ශ්වවාදයට අනුගත වීමට සහ විවෘත ලෝක ආර්ථිකයක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීමට චීන ජනාධිපතිවරයා ගේ යෝජනාව ලෝක සංවර්ධනයේ දිශානතිය සහ ප්‍රවණතාව නියෝජනය කරයි.

ආධිපතිවාදී හිරිහැරයට එරෙහිව චීනයේ ස්ථාවරය සහ සියලු පාර්ශ්වයන්ගේ අනුමැතිය දිනාගත් ජයග්‍රාහී සහයෝගීතාව වෙනුවෙන් පෙනී සිටින බව  හෙතෙම එහිදී පහදා දුන් බව  බ්‍රිතාන්‍ය සමූහ සමාජ 48 ක සභාපති ධුරය දරන Stephen Perry මහතා පැවසීය .

උසස් තත්ත්වයේ සංවර්ධනය, ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීම සහ පාරිසරික ශිෂ්ටාචාරය ගොඩනැගීම නොසැලී ප්‍රවර්ධනය කළ යුතු යැයි හෙතෙම කළ ප්‍රකාශය ලෝක ආර්ථික වර්ධනයට නායකත්වය දීමට සහ ලෝක සංවර්ධනය සඳහා චීනයට "ස්ථාවරත්වයේ නැංගුරම" බවට පත්වීමට හැකි වනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන