චීනයේ ආර්ථිකය ලෝක ආර්ථික ප්‍රකෘතියේ අඛණ්ඩව පෙරමුණ ගෙන සිටී
2022-01-17 19:17:03
Share with:

චීනයේ ආර්ථිකය ලෝක ආර්ථික ප්‍රකෘතියේ අඛණ්ඩව පෙරමුණ ගෙන සිටී_fororder_QQ图片20220117191635

චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශය විසින් අද(17) නිකුත් කරන ලද වාර්ෂික වාර්තා අනුව, 2021 දී චීනයේ ආර්ථිකය ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් ව ඇති අතර ප්‍රධාන අපේක්ෂිත ඉලක්ක සම්පූර්ණයෙන් සාක්ෂාත් වී තිබේ. සමස්ත දළ දේශීය නිෂ්පාදිත වටිනාකම යුවාන් ට්‍රිලියන 110 ඉක්මවා ඇති අතර, එය යුවාන් ට්‍රිලියන 114.4 දක්වා ළඟා වී තිබේ. එම වටිවාකම පසුගිය වසරට වඩා  8.1%ක වර්ධනයක් සමඟින් ලෝකයේ දෙවන ස්ථානයට පත්ව තිබේ. මෙම වර්ධන වේගය ආර්ථික විද්‍යාඥයින්ගේ සාමාන්‍ය අපේක්ෂාවන්ට අනුකූල වේ. චීනය ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් අතර ශ්‍රේණිගත කිරීම අඛණ්ඩව ඉදිරියෙන් සිටින අතර, චීන ආර්ථිකයේ ශක්තිමත් ඔරොත්තු දීමේ හැකියාව සහ ජීව ශක්තිය නැවත වරක් ලොවට පෙන්වා ඇත.

චීනයේ තිරසර සහ ස්ථාවර ආර්ථික ප්‍රකෘතියට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ දේශීය ඉල්ලුම අඛණ්ඩව ප්‍රසාරණය වීමයි. 2021 දී, චීනයේ සමාජ පාරිභෝගික භාණ්ඩවල සමස්ත සිල්ලර අලෙවිය යුවාන් ට්‍රිලියන 40 ඉක්මවූ අතර, එය පෙර වසරට වඩා 12.5%ක වැඩිවීමකි.ස්ථාවර වත්කම්වල ආයෝජන පරිමාණය යුවාන් ට්‍රිලියන 50 ඉක්මවූ අතර එය 4.9%ක වැඩිවීමකි. ආර්ථික වර්ධනය සඳහා දේශීය ඉල්ලුමේ දායකත්ව අනුපාතය 79.1% දක්වා ළඟා විය.

ලෝකයේ දෙවන විශාලතම ආර්ථිකය ලෙස චීනයේ තිරසර ආර්ථික ප්‍රකෘතිය ප්‍රබල ලෙස බාහිර බලපෑමක් ඇති කරයි. මෙය ගෝලීය ආර්ථිකයට විශ්වාසය සහ නිශ්චිතභාවය පමණක් නොව, අවස්ථා සහ ලාභාංශ ද ගෙන එයි. චීනයේ ජාතික සංඛ්‍යාලේඛන කාර්යාංශයේ මූලික පුරෝකථනයට අනුව, 2021 දී ලෝක ආර්ථික වර්ධනයට චීනයේ ආර්ථික වර්ධනයේ දායකත්ව අනුපාතය 25%ක් දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

චීනය මුහුණ දෙන ආර්ථික පරිසරය තවමත් සංකීර්ණ හා දැඩි නමුත් දිගුකාලීන ආර්ථික දියුණුවේ මූලික කරුණු වෙනස් වී නොමැත. අවිනිශ්චිත බාහිර පරිසරයට මුහුණ දෙමින්, තිරසර හා හිතකර ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීමට චීනයට විශ්වාසය සහ හැකියාව තිබේ .

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන