මංමුළාව පවතින ලෝකයට මනා විසඳුම් සහිත දේශනයක් චීන ජනපතිගෙන්
2022-01-16 16:54:04
Share with:

මංමුළාව පවතින ලෝකයට මනා විසඳුම් සහිත දේශනයක් චීන ජනපතිගෙන්_fororder_dd5a06461dc82f2e197daf1734032c78

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා ජනවාරි 17 වැනිදා, 2022 ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සැසියට, බෙයිජිං නුවර සිට එක්වෙමින් වීඩියෝ ආකාරයෙන් දේශනයක් පැවැත්වීමට  නියමිතව තිබෙනවා. ඒ, ලෝක ආර්ථික සංසදයේ පුරෝගාමී, එහි විධායක සභාපති Klaus Schwab මහතාගේ ආරාධනයක් අනුවයි.

ජනාධිපතිවරයා මීට පෙර, එම සංසදයට දෙවරක් එක්වී දේශන පවත්වමින්, ආර්ථික ගෝලීයකරණය හා බහුපාර්ශ්වවාදය පිළිබඳ ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.

වසර 2017 ජනවාරි 17වැනිදා, ස්විට්සර්ලන්තයේ දාවොස් ජාත්‍යන්තර සම්මන්ත්‍රණ මධ්‍යස්ථානයේ පැවති, ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සැසියට එක් වූ ෂී ජින්පිං මහතා, ‘විවෘත ගෝලීය ආර්ථිකය සංවර්ධනය කළ යුතු අතර අවස්ථා හා ප්‍රතිලාභ පොදුවේ බෙදා ගනිමින් අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණ ඉටු කළ යුතු’ බව තම දේශනයේ දී අවධාරණය ක‍ළා. එවකට මංමුළාව පැවතුණු ලෝක ආර්ථිකයට එය මනා විසඳුමක් ලෙස පිළිගැනීමට ලක්වීම සුවිශේෂ කරුණක්.

වසර 2021 වනවිට ලෝකය, ආර්ථික ප්‍රතිසාධන අසීරුතාව, ආර්ථික ගෝලීයකරණය බාධාවට ලක්වීම මෙන්ම, පෙර නොවූ විරූ වසංගත තත්ත්වයකට මුහුණ පා සිටියා. එය කිසියම් ආකාරයකට මානව ඉතිහාසයේ සන්ධිස්ථානගත අවස්ථාවක්. එම වසරේ ජනවාරි 25 වැනිදා චීන ජනාධිපතිවරයා යළිත් ලෝක ආර්ථික සංසදයේ වාර්ෂික සැසියට එක්වෙමින් විශේෂ දේශනයක් පැවැත්වූවා. මානවයාට තිබෙන්නේ එකම පෘථිවියක් මෙන්ම, ඔවුන් එකම පොදු අනාගතයකට මුහුණ දෙන බව පැහැදිලියි. වත්මන් අර්බුද තත්ත්වයට මුහුණ දීමේදී හෝ වේවා, අනාගතය නිර්මාණය කිරීමේදී හෝ වේවා, සමගියෙන් හා සහයෝගයෙන් කටයුතු කරන්නැයි එහිදී සමස්ත මානව ප්‍රජාවගෙන් ජනාධිපතිවරයා ආයාචනා කර තිබුණා.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන