චීනයේ ආනයන අපනයන වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 6 ඉක්මවා වාර්තාගත වර්ධනයක් සටහන් කරයි
2022-01-15 15:03:50
Share with:

චීන පොදු රේගු දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව වසර 2021 චීනයේ ආනයන හා අපනයන වටිනාකම ඇ.ඩො. ට්‍රිලියන 6.05ක් වන අතර එය නව ඓතිහාසික වාර්තාවකි. වසරක කාලයක් තුළ චීනයේ විදේශ වෙළඳ වටිනාකම් අගයට, අඛණ්ඩව, ට්‍රිලියන පහක් හා ට්‍රිලියන හයක් වශයෙන් වාර්තා දෙකක් බිඳදැමීමට හැකි වී තිබීම විශේෂත්වයකි.

එය අසීරුතාවෙන් ලද ජයග්‍රහණයක් ලෙස හැඳින්විය යුතුය. ගෙවී ගිය වසර තුළ ගෝලීය වසංගත තත්ත්වය නොකඩවාම වෙනස් විය. ගෝලීය කර්මාන්ත දාමය හා සැපයුම් දාමය බාධාවන්ට ලක්විය. විවිධ රටවල ආර්ථික පුනරුත්ථාපනයන්හි අසමබර තත්ත්වයක් මතුවිය. චීනය විදේශ වෙළෙඳාම ජය ගත්තේ එවන් තත්ත්වයක් හමුවේය. ඊට බලපෑ පසුබිම විග්‍රහ කිරීමේදී, පළමුවෙන්ම වසංගත පාලනය අතින් හෝ වේවා, රටේ ආර්ථික සංවර්ධනය අතින් හෝ වේවා චීනයට ලොව ප්‍රමුඛ ස්ථානයේ පසුවීමට හැකිවී ඇති බව සඳහන් කළ යුතුය. රටේ නිෂ්පාදන හා පරිභෝජන අවශ්‍යතාවන් ඉහළ නංවාලීම විදේශ වෙළඳ වර්ධනයට රුකුලක් විය. දෙවනුව, ගෝලීය ආර්ථිකය සමස්ත වශයෙන් යළි ගොඩනැගෙමින් පවතින අවස්ථාවක,  සෙසු රටවල අවශ්‍යතා අඛණ්ඩව වැඩිවීම චීන විදේශ වෙළඳාමට තවත් පිටුබලයක් වී ඇත. තුන්වනුව, චීන රජය ක්‍රියාත්මක කළ ස්ථාවර වර්ධන ප්‍රතිපත්තිය ද වැදගත්ය. එසේම, මධ්‍ය හා සුළු පරිමාණ ව්‍යාපාර හා නිෂ්පාදන ව්‍යාපාරවලට අරමුදල් සැපයීම ශක්තිමත් කිරීම, ව්‍යාපාරික පරිසරය පරිපූර්ණ කිරීම, දේශසීමා මායිම් හරහා සිදුකෙරෙන වෙළඳාමේ පහසු යාන්ත්‍රණය සහ අත්හදාබැලීමේ නිදහස් වෙළඳ කලාපවල වෙළඳ හා ආයෝජන ප්‍රවර්ධනය ද ඊට ඇතුළත්ය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන