ඇමරිකාවේ Guantanamo බන්ධනාගාරයේ 20වැනි සංවත්සරය ඇමරිකානු ‘ මානව හිමිකම් ’ වලට දැඩි උපහාසයක්
2022-01-14 14:55:53
Share with:

ඇමරිකාවේ Guantanamo බන්ධනාගාරයේ 20වැනි සංවත්සරය ඇමරිකානු ‘ මානව හිමිකම් ’ වලට දැඩි උපහාසයක්_fororder_rBABC2HgH_CARGDSAAAAAAAAAAA383.1000x563

පසුගිය 11වැනි දා, ඇමරිකාවේ Guantanamo බන්ධනාගාරය  ස්ථාපනය කිරීමේ 20වැනි සංවත්සර දිනයයි. ජගත් ප්‍රජාව ඊට එරෙහිව අඛණ්ඩව දැඩි චෝදනා එල්ල කර තිබේ. ගතවූ වසර 20 තුළ, සිරකරුවන්ට දැඩි ලෙස හිරහැර කිරීම ඇමරිකාව නතර කළේ නැත. එපමණක් නොව, ඇමරිකාව සිය ‘ අපකීර්තිමත් බන්ධනාගාර ජාලය’ ලොව පුරා ව්‍යාප්ත කර තිබේ. ස්පාඤ්ඤයේ නිල ප්‍රවෘත්ති ඒජන්සිය වන La Agencia EFE,S.A. ඒජන්සිය සඳහන් කළ පරිදි, වොෂින්ටනයේ සිදු වූ  ක්‍රියා සමස්ත ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියටම කළේ දැඩි හානියකි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් නියම කෙරුණු ස්වාධීන විශේෂඥයන්ගේ කණ්ඩායම පසුගිය දා නිවේදනයක් නිකුත් කළේ ය. ඇමරිකාව නඩු තීන්දුවකින් තොරව, සිය කැමැත්ත මත විත්තිකරුවන් රඳවා තබාගෙන සිදුකරන කෘර හිංසන,  මානව හිමිකම් ආරක්ෂා කරන බවට නිරන්තරයෙන් ම ප්‍රකාශ කරන රජයකට කිසිසේත් ම අනුමත කළ නොහැකි බව එම නිවේදනය පෙන්වා දෙයි.

කෙසේ වෙතත්, Guantanamo බන්ධනාගාරය යනු එක් පරිච්ඡේදයක් පමණකි. 2005 වසරේ, ඇමරිකානු The Washington Post පුවත්පත වාර්තා කර තිබුණේ, එරට මධ්‍යම බුද්ධි තොරතුරු ඒජන්සිය ආසියාවේ හා නැගෙනහිර යුරෝපයේ රහස් බන්ධනාගාර ජාලයක් ගොඩනගා ඇති බවයි. තායිලන්තය, ඇෆ්ගනිස්ථානය සහ නැගෙනහිර යුරෝපීය රටවල් රැසක් ඊට ඇතුළත් විය. මෙවැනි ‘ අපකීර්තිමත් බන්ධනාගාර ’ ඇමරිකානු දේශපාලනඥයන් හුවාදැක්වීමට උත්සාහ දරන ඊනියා ‘ මානව හිමිකම් ’ වලට දැඩි උපහාසයකි.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන