පුළුල් හා දැඩි ලෙස පක්ෂය පාලනය කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාශීලීත්වයේ ප්‍රමුඛ ලක්ෂණය බව චීන ජනපති පවසයි
2022-01-14 20:16:24
Share with:

පුළුල් හා දැඩි ලෙස පක්ෂය පාලනය කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාශීලීත්වයේ ප්‍රමුඛ ලක්ෂණය බව චීන ජනපති පවසයි_fororder_342b3a88f0d470ad1f6369266b83e5ba

චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම විනය පරීක්‍ෂණ කමිටුවේ හයවැනි පූර්ණ රැස්වීම එළඹෙන ජනවාරි 18 වැනිදා, බෙයිජිං නුවරදී පැවැත්වෙනවා.

ස්වයං විප්ලවයේ ධෛර්යය, චීන කොමියුනිස්ට් පක්ෂයේ සුවිශේෂ ලක්ෂණයක් වන අතර, එය අනෙකුත් දේශපාලන පක්ෂවලින් වෙන්කර හඳුනා ගත හැකි ප්‍රබල අනන්‍යතාවක් බව, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහලේකම්, ජනාධිපති ෂී ජින් පිං මහතා මීට පෙර පවසා ‍ති‍බෙනවා. පුළුල් හා දැඩි ලෙස පක්ෂය පාලනය කිරීම චීන කොමියුනිස්ට් පක්ෂයේ ක්‍රියාශීලීත්වයට බලපාන වැදගත් හේතුවක් බව ද හෙතෙම පෙන්වා දුන්නා.

පුළුල් හා දැඩි ලෙස පක්ෂය පාලනය කිරීම උදාර ස්වයං විප්ලවයක් වන අතර, එය ෂී ජින් පිං මහතා කේන්ද්‍ර කරගන්නා පක්ෂයේ මධ්‍යම කාරක සභාව, රට පාලනය කිරීමේදී පිළිබිඹු වන වැදගත් ලක්ෂණයක්. එහිදී සිදු වන ප්‍රධාන කාරණය වන්නේ නිලධාරීන් පාලනය කිරීම බව ෂී ජින් පිං මහතා අවධාරණය කළා.  නිලධාරීන්ගේ ගුණාංග ප්‍රවර්ධනය පිළිබඳ රෙගුලාසි අට චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසුව නිකුත් කෙරුණා.

දත්තවලට අනුව, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසුව, චීනයේ විනය පරීක්ෂණ සහ අධීක්ෂණ ආයතන මගින් නඩු ලක්ෂ 38.05ක් ගොනු කර ඇති අතර, මධ්‍යම කළමනාකාර නිලධාරීන් 453 දෙනෙකු ඇතුළු පුද්ගලයන් ලක්ෂ 40.89ක් විමර්ශනය කර දඬුවම් පමුණුවා තිබෙනවා. 2015 වසරේ රටින් පලා ගිය දූෂිත පුද්ගලයන් අල්ලා ගැනී‍මේ ව්‍යාපෘතිය ආරම්භ වීමේ සිට, රටවල් හා කලාප 120 ක රැඳී සිටි පුද්ගලයින් 9100 දෙනෙකු අත් අඩංගුවට ගෙන තිබෙනවා. වංචාකෙරුණු චීන යුවාන් බිලියන 21කට වැඩි ප්‍රමාණයක් අදාළ පරීක්ෂණවලින් අය කර ගැනුණා. චීන කොමියුනිස්ට් පක්ෂය තරම්, දූෂණ විරෝධී පිළිවෙත සිය පැවැත්ම පිළිබඳ ප්‍රමුඛ සාධකය සේ සලකා අතිශය දැඩි මෙහෙයුම් සිදු කරන වෙනත් පක්ෂයක් ඉතිහාසයේ සිට වර්තමානය දක්වා ලොව පහළ වී ‍නැහැ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන