වසර තුනක ප්‍රමාද වූ "කළු සිර කඳවුරු" වන්දියෙන් ඇමරිකාව ගෙවිය යුතු මානව හිමිකම් ණය වලින් දස දහසකින් එකක් හෝ ආවරණය කළ නොහැක
2022-01-12 10:54:28
Share with:

වසර තුනක ප්‍රමාද වූ "කළු සිර කඳවුරු" වන්දියෙන් ඇමරිකාව ගෙවිය යුතු මානව හිමිකම් ණය වලින් දස දහසකින් එකක් හෝ ආවරණය කළ නොහැක_fororder_QQ图片20220112104716

"සදාකාලීන සිරකරුවෙකු" ලෙසින් හඳුන්වනු ලබන Abu Zubaydah, වසර තුනක ප්‍රමාද වූ වන්දියක් හේතුවෙන් මේදිනවල නැවතත් ලෝක අවධානයට ලක්ව ඇත.

ලිතුවේනියානු රජය, රටේ "කළු සිරගෙදර" Abu Zubaydah රඳවා තබා ගැනීමට CIA සංවිධානයට අවසර දීම, වධහිංසා පැමිණවීම් තහනම් කෙරෙන යුරෝපීය නීති උල්ලංඝනය කර ඇති බව 2018 දී, මානව හිමිකම් පිළිබඳ යුරෝපා අධිකරණය තීන්දු කළේය. යුරෝ ලක්ෂයක වන්දියක් Abu Zubaydahට ගෙවන ලෙස යුරෝපා අධිකරණය ලිතුවේනියානු රජයෙන් ඉල්ලා සිටියේය. වසර තුනක ප්‍රමාදයකින් පසුව, ලිතුවේනියානු රජය එම වන්දි ගෙවීම සිදු කරන බව මෑතකදී නිවේදනය කළේය.

මෙම වන්දිය ගෙවීමෙන් අදහස් කෙරන්නේ ලිතුවේනියානු රජය මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිගෙන ඇති අතර ඇත්ත වශයෙන්ම එය ඇමරිකාවේ එතෙර කළු බන්ධනාගාර ජාලයේ කොටසක් බවයි.

සත්‍යය නම්, යුරෝ ලක්ෂයක වන්දියෙන් ඇමරිකාව විසින් ගෙවිය යුතු මානව හිමිකම් ණය වලින් දස දහසකින් එකක් හෝ ආවරණය කළ නොහැක.

Abu Zubaydah සිරගත කළ වසර 20 තුළ, ඇමරිකාව ලොව පුරා රටවල් හා ප්‍රදේශ 85ක ඊනියා "ත්‍රස්ත විරෝධී" මෙහෙයුම් සිදු කර යුධ ප්‍රචණ්ඩත්වයන් මගින් ලොව පුරා පුද්ගලයෝ 897000 ත් 929000 ත් අතර සංඛ්‍යාවකගේ ජීවිත අහිමි කර තිබේ. ඒ සමඟම යුද්ධ හේතුවෙන් සරණාගතයින් හා අවතැන් වූවන්ගේ සංඛ්‍යාව මිලියන 38 ඉක්මවා ගොස් තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන