චීනය, අහිමි කරගත නොහැකි මිතුරෙකි
2022-01-10 20:12:19
Share with:

චීනය, අහිමි කරගත නොහැකි මිතුරෙකි_fororder_3c6d55fbb2fb431660d8790a1f0cf32a08f7d328

ජනවාරි මස හතර වැනිදා සිට හත්වැනිදා දක්වා චීන විදේශ ඇමතිවරයා එරිත්‍රියාව, කෙන්යාව හා කොමොරොස් දේශය ඇතුළු අප්‍රිකානු රටවල සංචාරය කළේය. මෙය චීන රාජ්‍ය තන්ත්‍රය හා බැඳුණු වසර 32ක සම්ප්‍රදායකට අනුකූලව සිදුකෙරුණු සංචාරයකි. එනම් චීන විදේශ ඇමතිවරයාගේ වසරේ පළමු නිල චාරිකාව සිදු වන්නේ අප්‍රිකානු කලාපයටයි. වසංගතය හමුවේ වුවද නියමිත ලෙස සිදුකෙරුණු එම සංචාරය, චීන- අප්‍රිකානු මිත්‍රත්වය තව තවත් ආලෝකවත් කරන්නකි.

අප්‍රිකාවෙන් වාර්තා වූ කොරොනා රෝගීන්ගේ සංඛ්‍යාව කෝටිය ඉක්මවා ගිය නමුත් එහි එන්නත්කරණ අනුපාතය සියයට 10කටත් අඩුය. ඇතැම් බටහිර රටවල් ‘එන්නත් ජාතිවාදය’ අනුගමනය කරද්දී චීනය හැකි සෑම ආකාරයකින්ම අප්‍රිකාවට සහාය ලබා දී ඇත. අප්‍රිකාවට තවත් එන්නත් බිලියනයක් ලබා දෙන බව මාසයක පමණ කාලයකට පෙර චීනය ප්‍රකාශ කළේය. කෙන්යාවට තවත් එන්නත් කෝටියක් ලබා දෙන බවත්, මෙම වසර ඇතුළත කොමොරොස් දේශයේ සමස්ත ජනතාවගේ එන්නත්කරණ ඉලක්කය සපිරීමට සහාය වන බවත් මෙවර චීන විදේශ ඇමතිවරයාගේ සංචාරයේදී  ප්‍රකාශ කෙරිණ.

අප්‍රිකාව සමග ප්‍රායෝගික සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමෙහි ද චීනය නියැළී සිටියි. ‍චීනය කෙන්යාව සමග ඩිජිටල් ආර්ථිකය, ආයෝජන, හා කෘෂිකර්මාන්තය පිළිබඳ සහයෝගිතා ලේඛන රැසකට අත්සන් තබා ඇත. එසේම, එරිත්‍රියාව සහ චීනය අතර සම්බන්ධතාවය, උපායමාර්ගික හවුල්කාරීත්වය ලෙසට වැඩිදියුණු කර තිබේ.

මේ අතර, බටහිර රටවල් විසින් හුවා දක්වන ලද, ඊනියා ‘ණය උගුල’, එරිත්‍රියානු ජනාධිපති Isaias Afwerki මහතා  තරයේම නිෂේධ කළේය. වෙනත් රටවල අභ්‍යන්තර කටයුතුවලට කිසි විටෙක මැදිහත් නොවූ චීනය, අප්‍රිකාවට අහිමි කරගත නොහැකි සැබෑ සංවර්ධන හවුල්කරුවා බවත් අප්‍රිකාවේ සාමය හා සංවර්ධනය පිළිබඳ ක්‍රියාදාමයන්හිදී චීනය වඩාත් වැදගත් කාර්යභාරය ඉටු කරතැයි අපේක්ෂා කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.  

ගුවන් විදුලිය
20240907සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන