චීන කොමියුනිස්ට් පක්ෂයේ අනාගත දේශපාලන මෙහෙවර සහ ෂී ජින්පිං නායකත්වය
2022-01-10 19:08:40
Share with:

චීන කොමියුනිස්ට් පක්ෂයේ අනාගත දේශපාලන මෙහෙවර සහ  ෂී ජින්පිං නායකත්වය_fororder_29b9b362a7999bbc09cddab8d6980d34

මීට වසරකට පෙර, එනම්  2021 වසරේ ජනවාරි  11 වනදා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ මහ ලේකම් ෂී ජින්පිං මහතා, එම සභාවේ පක්ෂ විද්‍යාලය විසින් පවත්වන ලද පළාත් මට්ටමේ නායකයන්ගේ වැඩමුළුවේ ආරම්භක අවස්ථාවට එක් වුණා.

වාර්ෂිකව පැවැත්වෙන එම වැඩමුළුවේ ආරම්භක අවස්ථාවන්ට  පෞද්ගලිකව එක්වෙමින් දේශන පැවැත්වීම ජනාධිපතිවරයාගේ සිරිතක්.  එම වැඩමුළුව සාමාන්‍යයෙන් වසර මුලදී පැවැත්වෙන නිසා එය මහලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන ‘වසරේ පළමු පන්තිය’ ලෙස හැඳින්වෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික නියෝජිත සම්මේලනයෙන් අනතුරුව ෂී ජින්පිං මහතා එවන් අවස්ථා අටක් නියෝජනය කර තිබීම  විශේෂත්වයක්.

ගෙවීගිය වසර සිහිපත් කිරීමේදී, චීන‍ කොමියුනිස්ට් පක්ෂයේ ශත සංවත්සරය නිමිත්තෙන් පැවැත්වුණු, පක්ෂයේ 19 වන මධ්‍යම කාරක සභාවේ හයවැනි පූර්ණ සැසියේ වැදගත්කම මෙන්ම ඓතිහාසික බව පෙන්වා දිය යුතුයි. එමගින් චීන කොමියුනිස්ට් පක්ෂයේ තුන්වන ඓතිහාසික තීරණ ලේඛනය අනුමත කෙරුණා. එසේම එමගින්, චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වන ජාතික නියෝජිත සම්මේලනයෙන් පසුව පක්ෂය හා රටේ සමස්ත ප්‍රයත්න තුළින් ලබා ගත් ජයග්‍රහණ හා ප්‍රතිසංස්කරණ පහදා දෙනු ලැබුවා. දෙවන සියවස් ඉලක්ක පිළිබඳ සවිස්තර විග්‍රහ ද ඊට ඇතුළත්.  මාක්ස්වාදී ක්‍රියාසැලසුම් ලේඛනයක් ලෙස ද එය සැලකෙනවා.

එම ඓතිහාසික තීරණ ලේඛනයේ අන්තර්ගතය අධ්‍යයනය කරමින් ඉතිහාසය නමැති කැඩපත තුළින් දිස්වන පැහැබර අනාගතය නිර්මාණය කිරීම, චීන කොමියුනිස්ට් පක්ෂය වත්මන් හා ඉදිරි කාල පරිච්ඡේදයේ ඉටුකරන අතිසුවිශේෂ දේශපාලන මෙහෙවර  බව කිවයුතුමයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන