ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන කුඩා කවයේ බලාපො‍රොත්තු සුන්වීම වැඩි ඈතක නොවේ
2022-01-09 19:01:17
Share with:

ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන කුඩා කවයේ බලාපො‍රොත්තු සුන්වීම වැඩි ඈතක නොවේ_fororder_91ef76c6a7efce1b729ef967480140d7b58f6544

ඇමරිකාවේ සහ ජපානයේ විදේශ හා ජාතිකාරක්ෂක අමාත්‍යවරු පසුගිය 07 වැනිදා මාර්ගගතව "2+2" හමුවක් පවත්වා ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කළහ. එහිදී නැවත වරක් චීනය සම්බන්ධ කරුණු හුවා දක්වමින් ඊනියා "චීන තර්ජනය" අතිශයෝක්තියෙන් ඉස්මතු කර ඇත. එමෙන් ම දෙපාර්ශ්වය නව ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට ද අත්සන් තැබූහ. 06 වැනිදා ජපානය සහ ඕස්ට්‍රේලියාව ද තමන්ගේ සාකච්ඡා අතරතුර චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිල්ල දිගු කළ අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නංවා ගැනීම සඳහා “අන්‍යෝන්‍ය යහපත් ප්‍රවේශ ගිවිසුමට”අත්සන් කළහ.

නව වසර ආරම්භයේදී, ආසියා ශාන්තිකර කලාපයේ ජනතාව සාමය සහ ස්ථාවරත්වය අපේක්ෂාවෙන් සිටින අවස්ථාවක, සීතල යුද මානසිකත්වයෙන් පිරුණු මෙම හමු දෙක කලාපීය සාමය සහ ස්ථාවරත්වය මත අඳුරු සෙවනැල්ලක් ඇති කර තිබේ. ඇමරිකාව ,ජපානය හා ඕස්ට්‍රේලියාව ඇතුළු සිය මිත්‍ර රටවල් සමඟ එක්ව බොරු පතුරුවා හරිමින්, සන්නද්ධ බලය පෙන්වමින් සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම මගින් සනාථ කර ඇත්තේ මෙවැනි රටවල්  ආසියාවේ "අස්ථාවරත්වයට" සැබෑ තර්ජනයක් බවයි.කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්ව සම්මුතිය (RCEP) ක්‍රියාවට නැංවීමත් සමඟ ම ආසියා ශාන්තිකර කලාපයේ එක්සත් සහ සහයෝගීතා ප්‍රවණතාව පෙරට වඩා ශක්තිමත් ය. ඇමරිකාව, ජපානය සහ ඕස්ට්‍රේලියාව යන "කුඩා කවයන්" ජනප්‍රිය නොවන අතර බලාපොරොත්තු සුන්වීමෙන් අවසන් වනු ඇත.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන