ඇමරිකා ජනාධිපතිවරයා සෙසු රටවල රාජ්‍ය පරිපාලනයන් විවේචනය කිරීම හාස්‍යයට කරුණක්
2022-01-07 20:46:28
Share with:

ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට ප්‍රහාරයක් එල්ල වී වරක් ගත වී තිබේ. ගත වූ වසරේ ඇමරිකාව බෙදී යාමේ තත්ත්වයකට පත් වෙමින් සිටි බව පෙනේ. එම බෙදී යාම හේතුවෙන් පොලිස් කාර්ය ප්‍රතිසංස්කරණය, අවි පාලනය, අයවැය සැලසුම් ඇතුළු ජන ජීවිතයට අදාළ බොහෝ ප්‍රශ්න ඇණහිටි තත්ත්වයක පවතී. කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ලට එල්ල වූ ප්‍රහාරය ඇමරිකාවේ ජාතික අඩිතාලම සෙලවීමක් වීම තවත් අනතුරුදායක තත්ත්වයකි. පසුගිය වසර අවසානයේ ඇමරිකාවේ සිදු කෙරුණු ජනමත සමීක්ෂණයකට අනුව 34%ක එරට වැසියන් පවසා ඇත්තේ රජය ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් මැඩපැවැත්වීම යුක්ති සහගත බවයි. එම ප්‍රතිශතය ගත වූ වසර 10යේ දක්නට ලැබුණු ඉහළ ම අගය වීම විශේෂත්වයකි. මේ අතර “Newsweek” සහ “ Time ” වැනි සඟරා ඒකමතික ව කියා සිටියේ සිවිල් යුද්ධයක හෙවණැල්ල රට ආවරණය කරමින් සිටින බවයි.පසුගිය 3 වැනි දා නිකුත් වූ තවත් ජනමත සමීක්ෂණයක ප්‍රතිඵලයට අනුව ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇතැයි ඊට එක් වූ අයගෙන් 64%ක් අදහස් පළ කර තිබේ.

එහෙත් ඇමරිකානු ජනාධිපතිවරයා කැපිටල් හිල් ප්‍රහාරයට වසරක්  සපිරෙන අවස්ථාවේදී දේශනයක් කරමින් පැවසුවේ ජනවාරි 6වැනි දා ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානය නොවන බවයි. සෙසු රටවල රාජ්‍ය පරිපාලනය පිළිබඳ ව ඇමරිකානු ජනාධිපතිවරයා සිය දේශනයෙන් විවේචනය කර ඇත. මෙය හාස්‍ය ජනක නොවේ ද..?

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන