ටෙස්ලා සමාගම ශින් චියං ස්වායත්තයේ සිදු කර ඇති ආයෝජන ගැන කලබල වී ඇති ඇමරිකා දේශපාලනඥයන්
2022-01-06 20:15:38
Share with:

පසුගිය දා ඇමරිකාවේ මෝටර් රථ සමාගමක් වන Tesla සමාගම චීනයේ ශින් චියං ස්වායත්තයේ ප්‍රදර්ශනාගාරයක් විවෘත කර තිබේ. එම සමාගම ඇමරිකාවේ දේශපාලනඥයන්ගේ විවිධ මඩ ගැසීම්වලට ලක් ව ඇත්තේ එහෙයිනි.“Tesla සමාගම නීතිමය වශෙයන් සහ කීර්තිනාමය හා පාරිභෝගිකයන් පිළිබඳ බරපතල අවදානම්වලට මුහුණ දෙනු ඇතැයි ” ධවල මන්දිරයේ ප්‍රකාශිකා Jen Psaki  ප්‍රකාශ කර ඇත.

‍ලොව ප්‍රබල මෝටර් රථ සමාගමක් වශයෙන් Tesla සමාගම චීනයේ ශින් චියං ස්වායත්තයේ සිය ව්‍යාපාරික කටයුතු ආරම්භ කර ඇත්තේ අන්දෝලනාත්මක ශින් චියං ප්‍රශ්නයට අදාළ සත්‍ය දැන ගැනීමේ කවුළුවක් ලෝකයට විවර කරමිනි. ශින් චියං හි ශ්‍රමිකයන් බලහත්කාරයෙන් සේවයේ යොදවා ගැනීම පිළිබඳ ව ඇමරිකාව නිර්මාණය කළ කට කතා අසත්‍ය බව Tesla සමාගම ගෙන ඇති එම වාණිජමය පියවර මගින් ඔප්පු වී තිබේ. යහපත් ව්‍යාපාරික පරිසරය ඕනෑම ව්‍යවසායකට තීරණාත්මක වීම ඊට හේතුවයි. ශින් චියං , චීනයේ සරුසාර ම බලශක්ති සම්පත් හිමි ප්‍රදේශයකි. ශින් චියං හි සිය ප්‍රදර්ශනාගාරයක් විවෘත කිරීම මගින් Tesla සමාගම බලාපොරොත්තු වන්නේ ශින් චියං හි පවතින විවෘත වාණිජමය පරිසරය මූලික කරගෙන සිය සමාගමට වඩාත් පුළුල් වාණිජ අවකාශයක් ලබා දීමටයි. ඇමරිකාවේ දේශපාලනඥයන් මේ සම්බන්ධයෙන් කලබල වීමට හේතු කා හට වුව ද පැහැදිලි ය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන