ශීත සෘතු ඔලිම්පික් උළෙල වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගෙන් ඇරයුමක්
2022-01-05 11:28:02
Share with:

ශීත සෘතු ඔලිම්පික් උළෙල වෙනුවෙන් චීන ජනාධිපතිවරයාගෙන් ඇරයුමක්_fororder_caa95f737357483f83f28cec782e1a9d

බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීම සඳහා වූ දින 30 අවරෝහණ ගණනය ඊයේ (5) සිට ආරම්භ වනවා. මාසයකින් පසු, ශීත ඍතු ඔලිම්පික් ගිනිසිලුවෙන් ප්‍රථම වතාවට මෙරට ආලෝකවත් වන විට චීනය, සිව්දෙසින් පැමිණෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ හිම ක්‍රීඩා ලෝලීන් සාදරයෙන් පිළිගැනීමට සැදී පැහැදී සිටිනවා. ඔවුන් උද්යෝගිමත් ඔලිම්පික් උළෙලක් වෙනුවෙන්  ඒකරාශී වනු ඇති.

චීනයේ හිම හා අයිස් ක්‍රීඩා ක්ෂේත්‍රයේ සංවර්ධනය, චීන ජනාධිපති ෂී ජින්පිං මහතාගේ අපේක්ෂාවයි. 2014 වසරේ, ශීත ඍතු ඔලිම්පික් උළෙල වෙනුවෙන් රුසියාවට පැමිණි චීන ක්‍රීඩක කණ්ඩායම හමු වූ අවස්ථාවේදී, කෝටි 30ක චීන ජාතිකයන් හිම හා අයිස් ක්‍රීඩාවට ප්‍රිය  වීමේ සිහිනය චීන ජනාධිපතිවරයා විසින් ප්‍රථම වරට ඉදිරිපත් කර තිබෙනවා. 2022 ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීමේ  සත්කාරකත්වය හිමි කර ගැනීමෙන් පසු, ෂී ජින්පිං මහතා සිව් වතාවක් ඔලිම්පික් සංවිධාන කටයුතු නිරීක්ෂණය කළා. සෑම ශීත ඍතු ඔලිම්පික් ක්‍රීඩා පරිශ්‍රයකම පාහේ ඔහු පා සටහන් රැඳී තිබෙනවා.

බෙයිජිං නගරය,  ගිම්හාන සහ ශීත සෘතු ඔලිම්පික් උළෙල ද්විත්වයම  පවත්වා ඇති නගරය ලෙස ඉතිහාසගත වනු ඇතැයි ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා ප්‍රකාශ කර තිබෙනවා. 2022 බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙල පැවැත්වීමෙන් ශීත කාලීන ක්‍රීඩා පිළිබඳ සදාතනික හැඩයේ හා ලක්ෂණයේ වෙනසක් සිදුවීමේ  ඉඩකඩ පවතින බවට ද ඔහු විශ්වාසය පළ කළා.

කෝටි දහස් ගණනක චීන ජනතාව සමඟ ලොව නන්දෙසින් පැමිණෙන මිතුරන් පිළිගනිමින්, 2022 වසරේ බෙයිජිං නගරයට එක්රැස්වීමට ආරාධනා කරන බවත්, සියලුදෙනා සාදරයෙන්.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන