"න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් ගොඩනැගීම" සඳහා චීනය අඛණ්ඩව කැපවෙයි
2022-01-05 21:17:13
Share with:

"න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් ගොඩනැගීම" සඳහා චීනය අඛණ්ඩව කැපවෙයි_fororder_锐评

නව වසර ආරම්භවීමත් සමඟ, චීනය, රුසියාව, ඇමරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය යන න්‍යෂ්ටික අවි සතු රටවල් පහේ රාජ්‍ය නායකයෝ "න්‍යෂ්ටික යුද්ධ හා අවි තරගය වැළැක්වීමේ ඒකාබද්ධ නිවේදනය" පොදුවේ පළ කළහ. "එකිනෙකා හෝ වෙනත් රටකට න්‍යෂ්ටික අවි ඉලක්ක නොකරන" බව එම ඒකාබද්ධ නිවේදනයේ සඳහන් වෙයි.

රටවල් පහේ රාජ්‍ය නායකයන් න්‍යෂ්ටික අවි ගැටළුව සම්බන්ධයෙන් නිකුත් කළ ප්‍රථම නිවේදනය මෙයයි. රටවල් පහේ ගෝලීය උපාය මාර්ගික ස්ථාවරත්වය ආරක්ෂා කිරීම සඳහා වන පොදු අපේක්ෂාවන් එමගින් පිළිබිඹු කෙරේ. ජාත්‍යන්තර ප්‍රජාව  මෙය පොදුවේ පිළිගනී.

එහි චීනයේ කාර්යභාරය සියල්ලන්ටම පැහැදිලිය. න්‍යෂ්ටික අවි හිමි කරගත් පළමු දිනයේ සිට, න්‍යෂ්ටික අවි සම්පූර්ණයෙන්ම තහනම් කිරීම සහ සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට චීනය පෙනී සිටියි.

චීනය සැමවිටම, න්‍යෂ්ටික අවි ප්‍රථමයෙන් කිසිම අවස්ථාවක සහ කිසිම තත්වයක් යටතේ භාවිත නොකිරීම යන ප්‍රතිපත්තියට අනුව කටයුතු කරයි.

චීනය පැහැදිලිව ප්‍රතිඥා දී ඇත්තේ න්‍යෂ්ටික අවි නොමැති රාජ්‍යයන්ට සහ න්‍යෂ්ටික අවි නොමැති කලාපවලට එරෙහිව, කොන්දේසි විරහිතව, න්‍යෂ්ටික අවි භාවිත කිරීම හෝ තර්ජනය කිරීම සිදු නොකරන බවයි.

න්‍යෂ්ටික අවි සහිත රටවල් පහ අතරින් එවැනි කැපවීම් කළ එකම රට චීනයයි. එසේම න්‍යෂ්ටික අවි සහිත රාජ්‍ය පහ ඒකාබද්ධ ක්‍රියාමාර්ග ගැනීම චීනය ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කරයි.

න්‍යෂ්ටික අවිවලින් තොර ලෝකයක් යන අවසාන ඉලක්කයට නිසි දායකත්වය ලබා දීම සඳහා, චීනය අඛණ්ඩව සක්‍රීය ව උත්සාහ කරනු ඇත.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන