අභියෝග හමුවේ ලොවට නව ජීවයක් ගෙන දෙනු ඇති බෙයිජිං සීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල
2022-01-04 21:02:42
Share with:

බෙයිජිං ශීත කාලීන ඔලිම්පික් උළෙල ආරම්භ වීමට තවත් ඇත්තේ මාසයකි. මෙම ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ලෝකය විවිධ අභියෝගවලට මුහුණ දෙම්න් ඇති පසුබිමක ය. කොවිඩ් වසංගතය අඛණ්ඩව ලොව පුරා පැතිරෙමින් පවතී. රටවල් අතර යම් යම් අවිශ්වාස, ගැටුම් හා භේද විටින් විට මතු වේ. දේශපාලන සාධකවලින් මෙවර ශීත කාලීන ඔලිම්පික් උළෙලට විවිධ බලපෑම් එල්ල වී ඇත. මෙවන් සංකීර්ණ පසුබිමක් යටතේ වුව ද ඉතා සාර්ථක ශීත කාලීන ඔලිම්පික් උළෙලක් පැවැත්වීමට චීනය සිටින්නේ දැඩි අධිෂ්ඨානයකිනි.

ඇතැම් රටවල් බෙයිජිං ශීත කාලීන ඔලිම්පික් උළෙල ඉලක්ක කරගෙන යම් යම් දේශාපලන බලපෑම් සිදු කළ ද සමගියෙන් හා සහයෝගයෙන් මෙවර ශීත කාලීන ඔලිම්පික් උළෙල සාර්ථක කර ගන්නැයි ජගත් ප්‍රජාව අඛණ්ඩව ඉල්ලා සිටී. විශේෂයෙන් ක්‍රීඩා ‍උළෙල දේශපාලනීකරණයට ලක් නොකළ යුතු යැයි අවධාරණය කෙරෙමින් තිබේ. පසුගිය දා ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති Thomas Bach මහතා "ඔලිම්පික් රිවීව්" සඟරාවේ ලිපියක් පළ කරමින් කියා සිටියේ 2022 බෙයිජිං ශීත කාලීන ඔලිම්පික් උළෙල සාමය, මිත්‍රත්වය හා සමගිය මූලික කරගෙන ලොව විවිධ රටවල් එක්සත් කරන බැවින් එය ඉතා වැදගත් අවස්ථාවක් බවයි.

ගිම්හාන ඔලිම්පික් උළෙලක් පැවැත්වූ සහ ශීත කාලීන ඔලිම්පික් උළෙල පවත්වන එකම නගරය වන්නේ බෙයිජිං නගරයයි. මේ වන විට බෙයිජිං ශීත කාලීන ඔලිම්පික් උළෙලේ සූදානම් කටයුතු අවසන් අදියරට පිවිස තිබේ. තවත් මාසයකින් පසු බෙයිජිං නගරය ලෝකයට සරල, ආරක්ෂිත හා අපූරු ක්‍රීඩා සැණකෙලියක් ප්‍රදර්ශනය කරනු ඇත. එමගින් ඉස්මතු වන ඔලිම්පික් ජීවගුණය ජගත් ප්‍රජාව කොවිඩ් වසංගතය ජය ගැනීමට තවත් ආධ්‍යාත්මික පිටුබලයක් ලබා දෙනු ඇත.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන