දේශීය කුළුබඩු සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා හිමි කර ගැනීමට ශ්‍රී ලංකා රජය පියවර යොදා ගනිමින් සිටී
2022-01-02 14:06:19
Share with:

දේශීය කුළුබඩු සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා හිමි කර ගැනීමට ශ්‍රී ලංකා රජය පියවර යොදා ගනිමින් සිටී_fororder_香料及相关产品

පසුගියදා ගම සමග පිළිසඳර වැඩසටහන සඳහා මීමුරේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන අලෙවි මණ්ඩලයේ මාදිවෙල ශාඛාව  නිරීක්ෂණය කළේය.

“ගම සමග පිළිසඳර” වැඩසටහන සඳහා මීමුරේ ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ දී එම ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමකට අනුව මෙම අලෙවි මණ්ඩලය යළි ක්‍රියාත්මක කරවීමට ජනාධිපතිතුමා පියවර ගත්තේය.

දුෂ්කර ප්‍රදේශවල ගොවීන්ගේ නිෂ්පාදන අලෙවිය හා ප්‍රවර්ධනයට මෙමගින් මනා පිටුබලයක් සැපයේ. 

දැනට මාසිකව මිලියන විස්සකට අධික නිෂ්පාදන මිලදී ගැනීම් සිදුකෙරෙන අතර,  ශාඛා ජාලය කඩිනමින් රට පුරා ව්‍යාප්ත කිරීමටත් කුළුබඩු අලෙවි මණ්ඩලය පියවර ගෙන තිබේ.

ගොවියාට උපරිම මිලක් පාරිභෝගිකයාට සහනයක් මෙන්ම ගුණාත්මක කුළුබඩු හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සඳහා විදේශ වෙළෙඳපොළ අවකාශ සලසා දීම, වෙළෙඳපොළ පර්යේෂණ, සම්බන්ධීකරණය, නියාමනය, පෝෂණ සහ ඖෂධීය ගුණය පවත්වා ගැනීම ඇතුළු අරමුණු රැසකට විධිමත් පිළියම් ලබාදීමට රජය එමගින් අපේක්ෂා කරයි.

දේශීය කුළුබඩු සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළ අවස්ථා ලබාගැනීමට මේ වන විටත් නයිජීරියාව, ප්‍රංශය, රුසියාව, බංග්ලාදේශය, ජපානය ආදී රටවල් සමග සාකච්ඡා කර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන