ශක්තිමත් සහ සමෘද්ධිමත් චීනය ලෝකයේ ආශීර්වාදයයි
2022-01-01 18:31:12
Share with:

ශක්තිමත් සහ සමෘද්ධිමත් චීනය ලෝකයේ ආශීර්වාදයයි_fororder_QQ图片20220101182959

සුපුරුදු පිළිවෙතට අනුව, චීන ජනාධිපති ෂි ජින්පීං මහතා  සෑම වසරකම අලුත් අවුරුදු උදාවේදී දෙස් විදෙස් නව වසරට සුබ පැතුම් එක් කරමින් සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරයි. 2022 දී ඔහුගේ අලුත් අවුරුදු පණිවිඩයේ, ජනාධිපති ෂි ජින්පීං මහතා පසුගිය වසරේ අමතක නොවන චීන කටහඬවල්, චීන අවස්ථා සහ චීන කථා රාශියක් සමාලෝචනය කළේය. අරගල කරපු අසංඛ්‍යාත සාමාන්‍ය වීරයන් සිහිපත් කළ ෂි ජින්පීං මහතා පසුගිය වසර "සැතපුම් කණුවක්" අත්විඳ ඇති බව පෙන්වා දුන්නේය.

බිලියන 1.4කට වැඩි ජනගහනයක් වෙසෙන විශාල සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස චීනය ලෝකයට කරන ලොකුම දායකත්වය වන්නේ තමන්ගේ කටයුතු හොඳින් කරගෙන යාමයි. 2021 දී මෙම දායකත්වය විශේෂයෙන් කැපී පෙනේ.

පසුගිය වසරේ චීනය චීන කොමියුනිස්ට් පක්ෂය පිහිටුවීමේ 100 වැනි සංවත්සරය උත්කර්ෂවත් ලෙස සැමරුය. 19 වැනි චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ හයවැනි පූර්ණ සැසියේදී පක්ෂයේ තෙවැනි ඓතිහාසික තීරණ යෝජනාව සකස් කළේය. චීනය නියමිත පරිදි සෑම අතින්ම මධ්‍යස්ථ සමෘද්ධිමත් සමාජයක් සම්පූර්ණ කර, පළමු ශත සංවත්සර ඉලක්කය සපුරා ගත් අතර, දෙවන සියවසේ ඉලක්කය වෙත නව ගමනක් ආරම්භ කළේය. ඒ අතරම, චීනය සියවසේ වෙනස්වීම් සහ සියවසේ වසංගත තත්ත්වයට සන්සුන්ව ප්‍රතිචාර දැක්වූ අතර, ආර්ථික සංවර්ධනයේ සහ වසංගත වැළැක්වීමේ සහ පාලනයේ ගෝලීය ප්‍රමුඛ ස්ථානයක් තබා ගනිමින් 14 වැනි පස් අවුරුදු සැලැස්මේ හොඳ ආරම්භයක් ලබා ගත්තේය. මෙම ජයග්‍රහණ චීන ජනතාවට ප්‍රතිලාභ ලබා දෙනවා පමණක් නොව, ලෝකයට ධනාත්මක ශක්තියක් ද එක් කරයි.

ඇමරිතාවේ ජනමත විමසීමේ මධ්‍යස්ථානය විසින් නිකුත් කරන ලද නවතම මත විමසුම් ප්‍රතිඵල පෙන්නුම් කරන්නේ චීනයේ පාලක පක්ෂය සහ රජය කෙරෙහි චීන ජනතාවගේ තෘප්තිය පිළිවෙලින් 95% සහ 98% තරම් ඉහළ මට්ටමක පවතින බවයි.

2022 දෙස බලා සිටින අතර, ලෝකය චීනය දෙස බලා සිටින අතර චීනය සූදානම්.ලෝකය තවමත් සාමකාමී නැතත්, තමන්ගේම දෙයක් කිරීමට විශ්වාසය කරන  චීනය ලෝක සාමය හා සංවර්ධනය සඳහා ජීව ශක්තියක් ඇති කිරීම නියතය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන