ලොව විශාලතම නිදහස් වෙළඳ කලාපය ගෝලීය අපේක්ෂාවක් වන්නේ ඇයි?
2022-01-01 14:46:51
Share with:

ලොව විශාලතම නිදහස් වෙළඳ කලාපය ගෝලීය අපේක්ෂාවක් වන්නේ ඇයි?_fororder_QQ图片20220101144449

2022 වසරේ පළමු දිනයේ, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම  නිල වශයෙන් බලාත්මක විය.විශාලතම ජනගහනය, විශාලතම ආර්ථික හා වෙළඳ පරිමාණය සහ ලෝකයේ වඩාත්ම සංවර්ධන විභවය සහිත නිදහස් වෙළඳ ප්‍රදේශය නිල වශයෙන් ස්ථාපනය වීම මින් සටහන් වේ. කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම මගින් ලොව පුරා බිලියන 2.2ක ජනතාවක් ආවරණය වන අතර එය ගෝලීය දළ දේශීය නිෂ්පාදිතයෙන් 30%ක් පමණ වේ. ක්‍රියාත්මක වන පළමු රටවල් කණ්ඩායමට ආසියාන් රටවල් හයක් සහ චීනය, ජපානය, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව යන රටවල් හතර ඇතුළත් වේ.පෙබරවාරි පළමුවැනිදා සිට දකුණු කොරියාවේ ද ගිවිසුම බලාත්මක වනු ඇත. "අපේක්‍ෂාව" කලාපීය ව්‍යවසායකයන්ගේ පොදු අපේක්ෂාව බවට පත්වෙමින් තිබේ.

කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම ක්‍රියාත්මක වූ පසු, කලාපයේ භාණ්ඩ වලින් 90% කට වඩා ක්‍රමයෙන් ගාස්තු ශුන්‍ය වේ. එපමණක් නොව, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම මගින් සේවා වෙළඳාම, ආයෝජනය, බුද්ධිමය දේපළ හිමිකම්, ඊ-වෙළඳාම් සහ වෙනත් අංශ සඳහා අදාළ ප්‍රතිපාදන සපයා ඇති අතර, විවිධ දර්ශක තුළ ලොව ප්‍රමුඛ ස්ථානය ද ඊට හිමි වේ. එය අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සම්පූර්ණයෙන්ම පිළිබිඹු කරන විස්තීර්ණ, නවීන සහ උසස් තත්ත්වයේ ආර්ථික හා වෙළඳ ගිවිසුමකි. ආසියානු මාධ්‍ය පවසන ආකාරයට, කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම යනු "කලාපීය ආර්ථික ප්‍රකෘතිය ප්‍රවර්ධනය කිරීමේ එන්ජිම" යි. වෙළඳාම සහ සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සමුළුව විශ්වාස කරන්නේ කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම "ගෝලීය වෙළඳාමට නව අවධානයක් හිමිවනු  ඇති" බවයි.   කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුම ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමත් සමඟ අනාගතයේදී තවත් ව්‍යවසායකයන්ට චීන වෙළඳපොළේ අවස්ථා බෙදා ගැනීමට ඉඩ සලසන චීනය, වැඩි පාරිභෝගික පිරිසකට සැබෑ ප්‍රතිලාභ මෙන්ම, ගෝලීය ආර්ථික ප්‍රකෘතිය සඳහා ජීව ශක්තිය සහ බලය ලබා දෙනු ඇත.

ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන