රටක නීතියේ පාලනයට ඇඟිලි ගැසීම ජනමාධ්‍ය නිදහස නොවේ
2021-12-31 14:55:18
Share with:

රටක නීතියේ පාලනයට ඇඟිලි ගැසීම ජනමාධ්‍ය නිදහස නොවේ_fororder_24f7-624a02630316eddde07f8b91546f9ce8

චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ පොලීසිය  විසින් එම කලාපයේ ‘Standnews’නමැති අන්තර්ජාල මාධ්‍ය ආයතනයේ ප්‍රධානීන් අත්අඩංගුවට ගැනීම පිළිබඳව ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් එය හොංකොංහි ජනමාධ්‍ය නිදහසට පටහැනි ක්‍රියාවක් බව පවසා, චීනයට අපහාස කිරීමට තැත් කළේය. බ්‍රිතාන්‍යය, කැනඩාව හා ඔස්ට්‍රේලියාව යන බටහිර රටවල් සුළුතරයක් ද ඇමරිකාවේ ම අදහස පුනරුච්චාරණය කරන ගිරවුන්ගේ තත්ත්වයට පත්ව ඇත.

එහෙත් එම සිද්ධිය ජනමාධ්‍ය නිදහසට අදාළ නොවන බව පෙන්වා දිය යුතුය.  ‘Standnews’ ආයතනය, නිරන්තරයෙන්ම හොංකොංහි සිදු වූ ප්‍රචණ්ඩකාරී සිද්ධීන්ට සුදුහුණු ගෑමට තැත්කරමින්, පොලීසිය වෛරයෙන් උසිගැන්වීමේ හා ත්‍රස්තවාදී ප්‍රහාර දිරිමත් කිරීම් පිළිබඳ කරුණු හා වාර්තා පළ කර ඇත. එය හොංකොංහි අවුල්සහගත තත්ත්වයන් ඇති කිරීමෙහි නිරත චීන විරෝධී බලවේගයේ නියෝජිත ආයතනයකි. රටට හා රජයට එරෙහි වීම එහි ප්‍රමුඛ ලක්ෂණයයි. හොංකොංහි පොලීසිය එම ආයතනයට එරෙහිව ගත් විධිවිධාන, නීත්‍යනුකූලව ක්‍රියාකිරීමක් මිස, එය ඊනියා ජනමාධ්‍ය නිදහසට කිසිදු සම්බන්ධයක් නොමැති බව හොංකොංහි පොදු ජනමතයයි. සැබවින්ම, රට බෙදීම උසිගැන්වීමේ කරුණු පළ කිරීමේ හේතුව මත හොංකොං පොලීසිය එම ආයතනයේ අදාළ පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම රටේ ආරක්ෂාව මෙන් හොංකොංහි නීති පාලනය හා සමාජ පටිපාටිය ආරක්ෂා කිරීමට ගත් යුක්තිසහගත හා සාධාරණ ක්‍රියාවකි.

හොංකොංහි නීතියේ පාලනය විනාශ කිරීම, එම කලාපයේ මෙන්ම චීනයේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම නතර කළ යුතු බවට, චීනය ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවලට තරයේ දැනුම් දී තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන