වාර්තාගත ආරක්ෂක වියදම් සමඟ ඇමරිකාවෙන් ලෝක සාමයට දැඩි තර්ජනයක්
2021-12-30 18:25:36
Share with:

වාර්තාගත ආරක්ෂක වියදම් සමඟ ඇමරිකාවෙන් ලෝක සාමයට දැඩි තර්ජනයක්_fororder_QQ图片20211230182514

වාර්තාගත ආරක්ෂක වියදම් සමඟ ඇමරිකාව ලෝක සාමයට දැඩි තර්ජනයක් වෙයි

නව මූල්‍ය වර්ෂයේ ආරක්ෂක වියදම් ඩොලර් බිලියන 768.2 ක් බව තීරණය කෙරෙන, 2022 මුදල් වර්ෂය සඳහා වන ආරක්ෂක බලය පැවරීමේ පනතට ඇමරිකානු ජනාධිපතිවරයා මෑතකදී අත්සන් තැබීය. උද්ධමනය සලකා බැලුවද, මෙය දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමරිකාවේ විශාලතම මිලිටරි වියදම වේ. ලෝක සාමයට විශාලතම තර්ජනය වන ඇමරිකාවේ "යුද ජාවාරම්කරුවන්ගේ" සහ "ආයුධ ජාවාරම්කරුවන්ගේ" සැබෑ මුහුණුවර මෙමගින් නැවත වරක් හෙළිදරව් වී තිබේ.

ඇමරිකානු සටන්කාමීත්වයේ විශාලතම ගාමක බලවේගය ප්‍රතිලාභයයි. සංඛ්‍යාලේඛනවලට අනුව, ඇමරිකානු  ආයුධ කොන්ත්‍රාත්කරුවන් 2020 දී දේශපාලනඥයින් සහ දේශපාලන ක්‍රියාකාරකම් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47 කට වඩා පරිත්‍යාග කළේය.

ආයුධ වෙළෙන්දන්ට දේශපාලනය පාලනය කළ හැකි වන විට, පෙන්ටගනය සිය අවශ්‍යතා සඳහා ආයුධ වෙළෙන්දන් සමඟ හවුල් වන විට, ඉරා දැමූ ඇමරිකානු කොන්ග්‍රසය තුළ වාර්තාගත මිලිටරි වියදම් පහසුවෙන් සම්මත වීම පුදුමයක් නොවේ.

වඩාත්ම සටන්කාමී රට වන ඇමරිකාවේ අඛණ්ඩ ව්‍යාකූලත්වය පිළිබඳ ලෝකයේ කනස්සල්ල මෙම පනත මගින් වැඩි කර තිබේ.   

2022 මූල්‍ය වර්ෂයේදී ඇමරිකාව න්‍යෂ්ටික අවි සංවර්ධනය සඳහා ඩොලර් බිලියන 27.8ක් වියදම් කිරීම‍ට නියමිතය. ලෝකයේ විශාලතම සහ වඩාත්ම දියුණු න්‍යෂ්ටික අවි ගබඩාව ඇති ඇමරිකාව, න්‍යෂ්ටික අවි සංවර්ධනය සඳහා විශාල ඩොලර් ප්‍රමාණයක් ආයෝජනය කිරීමට සිදුවීමෙන් , නිසැකවම න්‍යෂ්ටික අවි තරඟය උග්‍ර කර  ගෝලීය මූලෝපායික ස්ථාවරත්වය අඩපණ කරනු ඇත. එවන් ඇමරිකාවක්, ඇමරිකානු ජනතාවට ඛේදවාචකයක්  පමණක් නොව ලෝක සාමයට එල්ල වන බරපතලම තර්ජනය ද වේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන