න්‍යෂ්ටික අපද්‍රව්‍ය මුහුදට තල්ලු කිරීමෙන් ජපානය සමාව දිය නොහැකි වරදක් කරනු ඇද්ද?
2021-12-29 19:57:24
Share with:

න්‍යෂ්ටික අපද්‍රව්‍ය මුහුදට තල්ලු කිරීමෙන් ජපානය සමාව දිය නොහැකි වරදක් කරනු ඇද්ද?_fororder_《国际锐评》强推核污水排海的日本真要犯下不可饶恕大错?

ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයෙන් න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ සැලැස්ම ජපාන රජය මෑතකදී ප්‍රකාශ කළේ අතිශය වැරදි මාවතකට පිවිසෙමිනි. මෙය ජපන් ජනතාව සහ අසල්වැසි රටවල් කනස්සල්ලට හා කෝපයට පත්කිරීමක් පමණක් නොව, පොදු මානව වර්ගයාගේ අනාගතයට තර්ජනයක් එල්ල කිරීමක් ද වේ.

වසර දහයකට පෙර ජපානයේ රික්ටර් පරිමාණයේ 9 ක භූමිකම්පාවකින් ෆුකුෂිමා ඩයිචි න්‍යෂ්ටික බලාගාරයේ  කාන්දුවක් ඇති විය. එතැන් සිට න්‍යෂ්ටික අපද්‍රව්‍ය පිරිපහදු කිරීම ජපානයේ ප්‍රධාන ගැටලුවක් බවට පත්ව තිබේ. මේ වසරේ අප්‍රේල් මාසයේදී ජපාන රජය ෆුකුෂිමා න්‍යෂ්ටික බලාගාරයේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය මුහුදට මුදා හැරීමට නිල වශයෙන් තීරණය කළ අතර එය ජාත්‍යන්තර ප්‍රජාව තුළ විශාල සැකයක් සහ විරෝධයක් ඇති කළ සිද්ධියක් විය.

පසුගිය මාස 8 තුළ, ජාත්‍යන්තර ප්‍රජාව ජපානයට බොහෝ කනස්සල්ල පළ කළ නමුත්, ජපාන පාර්ශ්වය මීට විවිධ බොරු ගොතමින්, වංචනික උපාය ඔස්සේ වැරදි තීරණ ගැනීමට උත්සාහ දරමින් න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ සැලැස්ම දිගටම පවත්වාගෙන ගියේය. ඒ, ජාත්‍යන්තර ප්‍රජාව සහ ශාන්තිකර කලාපයේ රටවල් අවදානමට ලක් කරමිනි. මෙය අතිශයින්ම වගකීම් විරහිත, ආත්මාර්ථකාමී සහ  විශ්වසනීයත්වයකින් තොර ක්‍රියාවකි!

ගෝලීය විවේචන නොතකා, ඇමරිකාව ජපානයේ න්‍යෂ්ටික අපද්‍රව්‍ය බැහැර කිරීමේ සැලැස්මට සහය ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේම උපායමාර්ගික අවශ්‍යතා වෙනුවෙනි. ජපානයට බලහත්කාරයෙන් වැරදි තීරණ ගැනීමට බිය නැති විමට මෙයද වැදගත් බාහිර සාධකයකි.

ආරක්ෂිත බැහැර කිරීමේ ක්‍රම නිසි ලෙස අවසන් නොකර, අදාළ තොරතුරු සම්පූර්ණයෙන්ම හෙළිදරව් නොකර, අසල්වැසි රටවල් සහ ජාත්‍යන්තර ආයතනවලින් පූර්ණ උපදෙස් ලබා නොගෙන, දේශීය හා ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා නොගෙන ඒකපාර්ශ්විකව අදාළ තීරණ ගැනීම ජපානයට අතිශයින්ම නුසුදුසු වන අතර එය හැකි ඉක්මණින් අවලංගු කළ යුතුමය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන