මානව හිමිකම් යනු, ඇමරිකාව විරුද්ධවාදීන් මර්දනය කිරීමට යොදාගන්නා දේශපාලන මෙවලමකි
2021-12-28 14:08:26
Share with:

මානව හිමිකම් යනු, ඇමරිකාව විරුද්ධවාදීන් මර්දනය කිරීමට යොදාගන්නා දේශපාලන මෙවලමකි_fororder_QQ图片20211228091309

චීන මානව හිමිකම් පර්යේෂණ ඇකඩමිය‘ඇමරිකාව විසින් මානව හිමිකම් දේශපාලනීකරණය කිරීමෙන් මානව හිමිකම් පිළිබඳ යහපාලනයේ පදනම විනාශ කිරීමක්’නමැති වාර්තාව ඊයේ(27) නිකුත් කළේය. මෙම වාර්තාව මගින් ඇමරිකාවේ මානව හිමිකම් දේශපාලනීකරණ ක්‍රියාවලිය සහ එම විධික්‍රම විස්තර කර තිබේ.

ඇමරිකාව විසින් ජාත්‍යන්තර මානව හිමිකම් ක්ෂේත්‍රය දැඩි ලෙස දේශපාලනීකරණය කෙරුණු අතර, ගෝලීය මානව හිමිකම් ව්‍යායාමයන්හි වර්ධනයට ප්‍රධාන තර්ජනයක් වී ඇත. එසේම එමගින් අතිශය හානිකර ප්‍රතිවිපාක උද්ගතව ඇති  බව වාර්තාව පෙන්වා දෙයි.

මානව හිමිකම් යනු ඇමරිකාවට විරුද්ධවාදීන් මර්දනය කිරීමේ දේශපාලන මෙවලමක් මිස අන් කිසිවක් නොවන බව බොහෝ කරුණු මගින් සනාථ කර තිබේ. ඇමරිකාව මානව හිමිකම් දේශපාලනීකරණය කිරීම තුළින්,  මානව හිමිකම් පිළිබඳ සංකල්පය බරපතල ලෙස කෙලෙසී ඇති අතර, ගෝලීය මානව හිමිකම් පාලනයට විනාශකාරී බලපෑමක් ඇති කරයි.

මානව හිමිකම් උල්ලංඝනය කිරීම් වැඩි වැඩියෙන් හෙළිදරව් වී විවේචනයට ලක් වූ තරමටම, ඇමරිකානු දේශපාලනඥයින් කළේ "මානව හිමිකම්" සටන් පාඨ වඩාත් උස්හඩින් කෑ ගසා ඉදිරිපත් කිරීමයි. කෙසේවෙතත්, මානව හිමිකම් දේශපාලනීකරණය වීම වැළැක්වීම සහ මැඩපැවැත්වීම ලෝකයේ මානව හිමිකම් ව්‍යායාමයේ විධිමත් සංවර්ධනය සඳහා වැදගත් සහතිකයක් බව ජනතාව මනාව වටහාගෙන සිටිති. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන