අප්‍රිකාවේ කල් ඉකුත් වූ එන්නත් සම්බන්ධයෙන් බටහිර හැසිරීම ප්‍රශ්න කළ යුතුව තිබේ
2021-12-28 19:10:33
Share with:

අප්‍රිකාවේ කල් ඉකුත් වූ එන්නත් සම්බන්ධයෙන් බටහිර හැසිරීම ප්‍රශ්න කළ යුතුව තිබේ_fororder_QQ图片20211228190809

ඔක්‌තෝබර් මාසයේදී නයිජීරියාවට AstraZeneca එන්නත් මිලියන 2.5කට වඩා වැඩි ප්‍රමාණයක් යුරෝපයෙන් ලැබුණු නමුත් ඉන් අඩකට ආසන්න ප්‍රමාණයක් නොවැම්බර් මාසයේදී කල් ඉකුත් විය. නයිජීරියානු රජයට පසුගිය සතියේ මෙම කල් ඉකුත් වූ එන්නත් විනාශ කිරීමට බල කෙරුණේ එන්නත්වල ආරක්ෂාව පිළිබඳ ජනතාවගේ කනස්සල්ල සමනය කිරීම සඳහා ය.

අප්‍රිකාවේ වඩාත්ම ජනාකීර්ණ රට වන නයිජීරියාවට මෙය ඉතාමත් දුෂ්කර තීරණයකි. මේ වන විට නයිජීරියාවේ තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 230 000 ඉක්මවයි. වසංගතයේ සිව්වන රැල්ලේ බලපෑම යටතේ, මෑතකදී එරටින් දිනකට අලුතින් තහවුරු වූ රෝගීන් ගණන 1000 කට අධිකය. සමස්ත ජනතාවගේ පළමු මාත්‍රාව එන්නත් කිරීමේ අනුපාතය 6% ක් පමණක් වන අතර තවත් එන්නත් සැපයුමක් සඳහා ඔවුන්ගේ හදිසි අපේක්ෂාව සිතාගත හැකිය.

නයිජීරියාව වැනි රටක් බටහිරින් කල් ඉකුත් වූ එන්නත් ලබා ගැනීමේ එකම අවස්ථාව මෙය නොවේ.

අතීතය හා සසඳන විට "විදේශ ආධාරවලට වඩා එන්නත කල් ඉකුත්වීමට ඉඩ දීම", අප්‍රිකාවට උදව් කිරීමට සමහර යුරෝපීය රටවල් කැමැත්තෙන් සිටීමේ තවත් පියවරකි. කෙසේ වෙතත්, ඔවුන් අප්‍රිකාවට ලබා දෙන එන්නත් ප්‍රමාණාත්මක මෙන්ම  ගුණාත්මක විය යුතුය. විවිධ හේතූන් මත එන්නත භාවිතා කළ නොහැකි නම්, පරිත්‍යාගශීලියාගේ අවංකභාවය බෙහෙවින් ප්‍රශ්න කළ යුතුව තිබේ.

බටහිර රටවල "එන්නත් ජාතිකවාදය" තවමත් ක්‍රියාත්මක වන බව සනාථ කරමින්, කල් ඉකුත් වූ එන්නත් විනාශ කිරීමට අප්‍රිකානු රටවලට සිදුවෙයි.

"එන්නත් බෙදීයාමේ විෂමතාව" වසංගතයට එරෙහි වත්මන් ගෝලීය සටනට ඇති ලොකුම බාධාවයි.

අප්‍රිකාවට අවශ්‍ය වන්නේ, නියමිත වේලාවට සැපයෙන සැබෑ ආධාර මිස කල් ඉකුත් වූ එන්නත් තොග වැනි ව්‍යාජ පරිත්‍යාග නොවේ. අප්‍රිකාවට ගුණාත්මක හා ප්‍රමාණාත්මක එන්නත් ලබා දීමට සහ ලෝකයට ප්‍රතිශක්තිකරණ බාධකයක් ගොඩනැගීම සඳහා බටහිර රටවල් චීනය මෙන් වගකීම භාර ගත යුතුය. ගෝලීයකරණය වූ ලෝකයේ, වසංගතය තුරන් නොකළ රටක් පවතින තාක් කල්,  ආරක්ෂිත බව සහතික කළ නොහැක. අප්‍රිකාවට උදව් කරන බටහිර රටවල් ,  සැබැවින්ම උදව් කර ඇත්තේ තමාටම පමණකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන