චීනයේ ශෙන්චෞ 13 අභ්‍යවකාශ යානයේ Zhai Zhigang සහ Ye Guangfu ගගනගාමීහූ යානයෙන් පිටත විද්‍යාත්මක ක්‍රියාකාරකම අවසන් කර යළි ටියැන්හ මොඩියුලය වෙත පැමිණෙති .සඳුදා අළුයම් කාලයේ දී චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඒජන්සිය මේ බව සනාථ කළේ ය. චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදි කිරීම්වලදී චීන ගගනගාමීන් යානයෙන් පිටත විද්‍යාත්මක ක්‍රියාකාරකම් සිදු කළ සිව්වැනි වතාව මෙයයි. ශෙන්චෞ 13 යානයේ ගගනගාමීන් එවැනි ක්‍රියාකාරකමක මෙවර නිරත වූයේ දෙවනි වරටයි.මෙවර බාහිර ක්‍රියාකාරකම පැය 6ක පමණ කාලයක් සිදුවිය. කැමරා උපකරණ හා ඇතැම් භාණ්ඩ ප්‍රවාහන උපකරණ පරීක්ෂා කිරීම මෙවර විද්‍යාත්මක ක්‍රියාකාරකමට අයත් විය.