ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුවෙන් සංවර්ධනය වෙමින් පවතින රටවලට වි‍ශිෂ්ට සේවයක්
2021-12-27 11:45:37
Share with:

ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව සංවර්ධනය වෙමින් පවතින රටවල් වෙනුවෙන් වි‍ශිෂ්ට සේවයක් ඉටු කරයි.

එම රටවල යටිතල පහසුකම් හා සෙසු නිෂ්පාදන පහසුකම් සංවර්ධනය වෙනුවෙන් 2015 වසරේ දෙසැම්බර් මාසයේ එම බැංකුව ස්ථාපිත කෙරිණ. පසුගිය ඔක්තෝබර් මාසය වන විට එම බැංකුව ව්‍යාපෘති 147ක් සඳහා ඇමරිකානු ඩොලර් බිලියන 28.97ක් ආයෝජනය කර තිබේ. 2020 වසරේ කොවිඩ් වසංගත අර්බුදයෙන් ප්‍රකෘතිමත් වීමේ අරමුදල සඳහා ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඇමරිකානු ඩොලර් බිලියන 10ක් ආයෝජනය කර ඇත. කොවිඩ් වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට කඩිනම් මූල්‍ය සහය සැපයීම එහි අරමුණ විය. 2021 වසරේ එම බැංකුව දේශගුණ විපර්යාසයන්ට මුහුණ දීමට මුදල් එක්රැස් කිරීම ශක්තිමත් කර තිබේ. ඉදිරියේදී බහුපාර්ශ්වවාදය පිළිපදිමින් බහුපාර්ශ්වික ආයතන සමග වඩාත් සමීප සහයෝගිතාවකින් කටයුතු කරනු ඇතැයි ආසියා යටිතල පහසුකම් ආයෝජන බැංකු අධිපතිවරයා පවසා ඇත.

ගුවන් විදුලිය
20240504සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන