ෂින්ජියං උයිගුර් ස්වායත්තය, ඉතිහාසයේ සමෘද්ධිමත්ම යුගයක
2021-12-25 20:10:14
Share with:

ෂින්ජියං ප්‍රදේශය, ඉතිහාසයේ සමෘද්ධිමත්ම යුගයක_fororder_cc18a87f3b5f1191f12d61b6d0cb87c7

‘අප ෂින්ජියංවල නම්, ජනතාව බලහත්කාරයෙන් ශ්‍රම වැඩවලට යෙදවීම සිදු කළ කිසිදු කෙනෙක් හෝ සංවිධානයක් නොමැත. මෙහි සිටින විවිධ ජනවාර්ගික ජනතාව රැකියාවල නියුක්තව සිටින්නේ ස්වයං කැමැත්ත මත, නිදහස් ව.’ ඇමරිකාව මෑතකදී අත්සන් කළ ඊනියා ‘උයිගුර් ජාතිකයන් බලහත්කාරී  ශ්‍රමයෙන් බේරාගැනීමේ පනත’ට එරෙහිව චීනයේ ෂින්ජියං උයිගුර් ස්වායත්ත රජය අද(25) මාධ්‍ය හමුවක් පවත්වමින් ඇමරිකාව විසින් ෂින්ජියං ප්‍රදේශයට අදාළව ගොනු කළ ව්‍යාජ තොරතුරු සත්‍ය මගින් නිෂේධ කර ඇත.

චීන නීතියට අනුව, ෂින්ජියංහි විවිධ ජනවාර්ගික ජනතාවගේ සමානත්ව රැකියාවල නියුක්ත වීමේ අයිතිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, කම්කරු නීතිය, ශ්‍රම කොන්ත්‍රාත්තු නීතිය යන නීති මගින් සහතික කර ඇත. කවර රැකියාවක නිරත වන්නේ ද, කවර ප්‍රදේශයේ සේවය කරන්නේ ද, කවර ආකාරයේ සේවා ස්ථානයක් තෝරා ගන්නේ ද යන්න ස්වයං කැමැත්ත මත සිදුවන්නකි. මෑත වසරවල ෂින්ජියං ප්‍රදේශය, රැකියා පුහුණු පුළුල් කරමින්, රැකියා අවස්ථා ක්ෂේත්‍ර ව්‍යාප්ත කිරීමෙහි අඛණ්ඩව නියැළී සිටියි. මේ තුළින් එහි ජනතාවගේ සුරක්ෂිත හැඟීම හා සතුටු හැඟීම, කැපී පෙනෙන සේ ඉහල නැංවිණ.

චීනයේ නීතියෙන් වුවද සත්‍යයෙන් වුවද, ෂින්ජියංහි ජනතාව ඊනියා බලහත්කාර ශ්‍රමවලට යෙදවීම, සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව පැහැදිලිය. වර්තමානයේ ෂින්ජියංහි ආර්ථිකය අඛණ්ඩව වර්ධනය වෙමින් පවතී. සමාජය සුසංගතය, සාමකාමීය. ජන ජීවිතය නොකඩවාම යහපත් වී තිබේ. ෂින්ජියං ප්‍රදේශය, ඉතිහාසයේ සමෘද්ධිමත්ම යුගයේ පවතින බව කිවහොත් එය අතිශයෝක්තියක් නොවේ. ඇමරිකාවේ ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට මුහුණ දීමේදී ෂින්ජියංහි විවිධ කර්මාන්ත, සමගිව, තමා ව්‍යාපාරික කටයුතු මනා ලෙස පවත්වා ගෙන යමින්, සිය කර්මාන්ත ආරක්ෂාව හා නිත්‍යනුකූල අයිතිය සුරක්ෂිත කිරීමටත් පූර්ණ විශ්වාසයකින් සිටී.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන