පෞද්ගලික වාසි පමණක් හඹා යන ඇමරිකානු දේශපාලනඥයින් හේතුවෙන් ඇමරිකානු ජනතාවට ප්‍රීතිමත් නත්තලක් අහිමි වෙයි
2021-12-24 18:40:40
Share with:

පෞද්ගලික වාසි පමණක් හඹා යන ඇමරිකානු දේශපාලනඥයින් හේතුවෙන් ඇමරිකානු ජනතාවට ප්‍රීතිමත්  නත්තලක් අහිමි වෙයි_fororder_3f8f2b6e1a350c126dd44a879c28d66f

පසුගිය නොවැම්බර් මාසයේ ඇමරිකාවේ උද්ධමන අනුපාතය සියයට 6.8ක් වූ අතර එය වසර 39ක් තුළ ඉහලම අගයයි. ආහාර, බලශක්ති, මෝටර් රථ, නිවාස කුලි පිළිබඳ මිල කැපී පෙනෙන ඉහල යාමක් පෙන්නුම් කර ඇත.ශ්‍රමිකයින්ගේ වැටුප ද ඉහල ගිය නමුත්, උද්ධමන සාධකය හා සැසඳීමෙන් පසු ඔවුන්ගේ සැබෑ වැටුප පසුගිය වසරේ එම කාලයට වඩා සියයට 1.9කින් අඩු වී ඇත. 

ශ්‍රමිකයින්ගේ තත්ත්වයට සාපේක්ෂව, ප්‍රාග්ධන පිරමීඩයේ ඉහලම ස්ථරයේ සිටින ධනවතුන් තවත් ධනවත් වී තිබේ. ‘Forbes’ සඟරාව මෑතකදී වසර 2021 ලොව පුරා ප්‍රාග්ධන වත්කම් වර්ධනය කර ගත් කෝටිපතිවරුන් 10 දෙනෙකු ප්‍රසිද්ධ කර ඇත. ඉන් හය දෙනෙක් ඇමරිකානුවන්ය. දෙසැම්බර් මස 10 වනදා වන විට ඔවුන්ගේ සමස්ත ප්‍රාග්ධනය, වසර 2021 තුළ ඇ.ඩො. බිලියන 304කින් වැඩි වී ඇති අතර  ප්‍රාග්ධන ඉහල යාමේ අනුපාතය සියයට 51කි.

වසංගතය යටතේ ඇමරිකාවේ දුප්පත් පොහොසත් පරතරය පුළුල් වූ බවට මෙය පිළිබිඹුවකි.

වසංගතය හා භාණ්ඩ මිල ඉහල යාම හේතුවෙන් එළඹෙන නත්තල් උත්සවය සැමරීමේ දී  ඇමරිකානු ජනතාව අසීරුතාවට මුහුණ පාමින් සිටිති. එහෙත් එහි මූලික ම හේතුව, ඇමරිකානු දේශපාලනඥයින් වසංගත පාලනයට අඩු සැලකිල්ලක් දැක්වීම, වගකීම් රහිත මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම බව පෙන්වා දිය යුතුය. එය දේශපාලන වාසි, ජනතාවගේ වාසිවලට වඩා ඉහල ස්ථානයක තබා ගැනීමේ ප්‍රතිඵලයකි.

වසංගත තත්වය හමුවේ ප්‍රාග්ධන-ප්‍රමුඛ, ධනවතුන්-ප්‍රමුඛ සමාජ රෙගුලාසි, පෙරට වඩා දරුණු ව උවදුරක් සේ සමාජය තුළ පැතිර ගොස් ඇත. පෞද්ගලික වාසි පමණක් හඹා යන ඇමරිකානු දේශපාලනඥයින්, ජනතාවගේ ‘නත්තල් පීඩනය’ සඳහා වග කිව යුතුව තිබේ.‍‍‍

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන