ඇමරිකා රජයේ වැරදි ක්‍රියාමාර්ග හේතුවෙන් වන්දි ගෙවන එරට ජනතාව
2021-12-24 20:47:41
Share with:

ඇමරිකා රජයේ වැරදි ක්‍රියාමාර්ග හේතුවෙන් වන්දි ගෙවන එරට ජනතාව_fororder_රර

ඇමරිකාවේ පසුගිය හා වත්මන් පාලනයන් දෙක නිතරම චීනය කුපිත කිරීමට උත්සාහ දරා ඇත. එරට වෙළඳාම, විද්‍යා තාක්ෂණය, මූල්‍ය සේවාව, තොරතුරු සහ මානව හිමිකම් යන ක්ෂේත්‍රවල චීනය‍ට එරෙහිව ගැටළු ඇති කරමින් සිටී.සාමකාමීව නැඟී එන,සක්‍රීය මෙන්ම විවෘතව අඛණ්ඩ ලෙසින් ලෝකයට දායකත්වය සපයන චීනය ඇමරිකාවේ ඇස් දෙක තුළ කටුවක් බවට පත්වූ හේතු කවරේ ද ?ඊට පිළිතුර ඇත්තේ චීනයේ නොව ඇමරිකාව තුළමය.

මෑත වසර කිහිපය තුළ සුපිරි බලවත් යැයි කියා ගන්නා විශාල රටේ ආකර්ෂණීය ස්වරූපය යටතේ වුවද,ඇමරිකාවේ සමාජ බෙදීම,දේශපාලන ධ්‍රැවීකරණය, වාර්ගික ගැටුම් සහ රැකියා නියුක්තියේ අසීරුතා යන සමාජ ගැටළු දිනෙන් දින දරුණු වී තිබේ. බිම් මට්ටමේ ජනතාවට සමාජයේ ඉහළට යාමේ මාර්ගය වසා දමා ඇමරිකානු ජනතාවට අනාගතය කෙරෙහි පොදුවේ අපේක්ෂා භංගත්වයක් ඇති කර තිබේ.

ඒකාධිකාර ප්‍රාග්ධන මෙහෙයවන්නා ලෙසට ඇමරිකානු රජයේ වත්මන් ආර්ථීක සංවර්ධන ව්‍යුහය මූලික වශයෙන් වෙනස් විය නොහැකිය. එමෙන්ම දේශපාලන ධ්‍රැවීකරණ ප්‍රවණතාව ද වෙනස් විය නොහැකිය. කෙටි කාලයක් තුළ අභ්‍යන්තර දේශපාලන ගැටළු ද විසඳා ගත නොහැකිය.එවැනි තත්ත්වයක් යටතේ ඇමරිකාවේ දේශපාලන හා  හමුදා ක්‍ෂේත්‍ර විසින් ඊනියා යහපත් විසඳුම් දෙකක් සොයා ගෙන  තිබේ. ඒ, තම ජනතාවගෙන් ම එල්ලවිය හැකි චෝදනා වැළැක්වීම සඳහාය. 

ඒ ඊනියා යහපත් විසඳුම් දෙකෙන් එකක් වන්නේ ‘නිර්වින්දනය’ යි. මත්ද්‍රව්‍ය නීතිගත කිරීමට අවසර දෙමින් ඇමරිකාව තරුණ තරුණියන් කායිකව නිර්වින්දනය කරමින් සිටී.දේශීය රැකියා දුෂ්කරතා සහ කර්මාන්ත සිය රටෙන් පිටතට යාම පිළිබඳ වගකීම් විදේශීය නව ආර්ථික ඒකකයන් වෙත පැවරීම මගින් මැදි වයසේ අය මානසිකව නිර්වින්දනයට පත් කර ඇත. එමෙන්ම සීතල යුධ චින්තනය යළි ප්‍රචලිත කරමින් සෝවියට් සමූහාණ්ඩුව කෙරේ සතුරු මානසිකත්වයක් දරා සිටින වැඩිහිටියන් මානසිකව නිර්වින්දනය කරයි.

දෙවැනි විසඳුම වන්නේ " ඊනියා විදේශ රටවලින් ලද පීඩනය හා තර්ජනය ජනතාවට උද්දීපනය කිරීම" ය. එනම්, ඇමරිකාවට හිමි දේශපාලන පද්ධතිය, මතවාද සහ සංවර්ධන ව්‍යුහය හා වෙනස් වන චීනය, රුසියාව සහ අනෙකුත් රටවල්, ජාත්‍යන්තර පරිසරයේ "සංශෝධනවාදීන්" ලෙස ලේබල් ගසා විශාල බාහිර අර්බුදයක් පෙනෙන බව ඇමරිකානු ජනතාවට දැනීමට හැරීමය.

කෙසේ වෙතත්,මෙවන් ඊනියා ‘දැවැන්ත රටවල් අතර ගැටළු’ උද්දීපනය කිරීම මගින් සිය දේශීය අවධානය වෙනතකට යොමු කරවීමේ උපා‍යෙන්, ඇමරිකාවට ගෙන එන්නේ හානි පමණි. එක් පසකින් චීනය ඇමරිකාවට යුදමය පහර ලබා දී නැත. ඇමරිකාවට ආදේශ කිරීමේ උපායමාර්ගික අරමුණක් ද චීනය සතුව නොමැත. එබැවින් ඇමරිකානු ආණ්ඩුවේ ප්‍රකාශයන්ට අවසානයේ සාක්ෂි නොමැත. තවත් පසකින්, ඇමරිකාවේ ක්‍රියාවන්, තමන්ගේම ප්‍රශ්න විසඳා ගැනීමේ අවස්ථා මග හැරීමට හේතු වනු ඇත. එහි අයහපත් ප්‍රතිඵලය දැරීමට සිදු වන්නේ  ඇමරිකානු ජනතාවටමය.‍‍

ඇමරිකා රජයේ වැරදි ක්‍රියාමාර්ග හේතුවෙන් වන්දි ගෙවන එරට ජනතාව_fororder_රරර

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන