ඩිජිටල් තාක්ෂණ හැකියාව වර්ධනය කිරීමේ ජාතික වැඩසටහනක් ආරම්භ කෙරේ.
මෙම වැඩපිළිවල ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය විසින් ක්‍රියාත්මක කරනු ලබයි.
පුළුල් වැඩපිළිවලක් මගින් රටේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීම මෙමගින් අපේක්ෂා කෙරේ. එම වැඩසටහනට සමගාමීව, ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රය, රාජ්‍ය අංශය සහ පුරවැසියන්ගේ ඩිජිටල් භාවිතාව පුළුල් ලෙස වර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර තිබේ.
ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය රාජ්‍ය අංශය තුළ ඩිජිටල් පරිවර්තනයක් ඇතිකිරීම තුළින් ශ්‍රී ලංකාව තුළ තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ගොඩනැගීමේ දැක්මෙන් කටයුතු කරයි.