යුක්තිය ප්‍රමාද විය හැකි නමුත් එය යම් දවසක පැමිණෙනු ඇත
2021-12-23 21:21:58
Share with:

මැදපෙරදිග ප්‍රදේශවල ඇමරිකානු හමුදාවේ යුදමය ක්‍රියාකාරකම් පිළිබඳව විමර්ශන වාර්තාකාරිණී Azmat Khan මහත්මිය විසින් රචනා කළ දීර්ඝ වාර්තාවක් මෑතකදී New York Times පුවත්පතේ පළ විය. එම වාර්තාවට අනුව, යුධ ක්‍රියාකාරකම්වල දී ඇමරිකා හමුදාව සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ඝාතනය කර ඇත. "ගුවන් ප්‍රහාරවලින් මියගිය සැබෑ සංඛ්‍යාව හිතාමතාම වසන් කර ගුවන් ප්‍රහාර පුළුල් ලෙස භාවිත කිරීම නීතිගතකරණ පද්ධතියක්" ඇමරිකාව කුරිරු ලෙස ගොඩනගා තිබෙන බව ද එහි සඳහන් වේ.

සංඛ්‍යාලේඛනවලට අනුව, ඉරාකයේ සිට ඇෆ්ගනිස්ථානය දක්වා, සිරියාවේ සිට යේමනය දක්වා, පසුගිය වසර 20 ක් තුළ ඇමරිකානු හමුදාව එල්ල කළ ගුවන් ප්‍රහාර 90,000කට වැඩි සංඛ්‍යාවක් හේතුවෙන් අවම වශයෙන් සිවිල් වැසියෝ 48,000දෙනෙක් මිය ගියහ. ගුවන් ප්‍රහාර මගින් සිවිල් වැසියන් විශාල සංඛ්‍යාවක් මිය නොගිය බවට ඇමරිකාව කළ  අසත්‍ය ප්‍රකාශ, සාහසික අපරාධයන් ගෙන් සනාථ වී ඇත.

කෙසේ වෙතත්, ධවල මන්දිරය මෙතෙක් Azmat Khan මහත්මියගේ වාර්තාවට ප්‍රතිචාර දක්වා නොමැත. ඇමරිකානු යුද හමුදාවේ තර්කයට අනුව, සිවිල් වැසියන් කෙතරම් ජීවිතක්ෂයට පත්වුවද, අදාල ප්‍රහාරය අණදෙන පද්ධතිය විසින් තීරණය කර අනුමත කරන ලද්දක් නම්, එහි ප්‍රතිඵලය පිළි ගත හැකි එකක් සේ සැලකිය හැකි බව ද Azmat Khan මහත්මිය සිය විමර්ෂනාත්මක වාර්තාවේ සඳහන් කර ඇත. හමුදා ප්‍රතිලාභ සඳහා සිවිල් වැසියන් බිලිදීම ඇමරිකාව නිහඬව අනුමත කරන තත්ත්වයක් බව ඉන් පිළිබිඹු වේ.

චීන මානව හිමිකම් පර්යේෂණ සංගමය අද (23)නිකුත් කළ “ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ සීමාවන් සහ අඩුපාඩු”නමැති වාර්තාවට අනුව, “ඇමරිකාව ඇතැම් ප්‍රදේශවලට ප්‍රජාතන්ත්‍රවාදය අපනයනය කිරීම මගින් සෞභාග්‍යය ගෙන ඒමට අපොහොසත් වී ඇති අතර නව මානුෂීයවාදී අර්බුද පමණක් ගෙන දී ඇති බව ඉතිහාසයෙන් මනා ලෙස ඔප්පු කර ඇත. මැද පෙරදිග ප්‍රදේශයේ අපරාධ සිදු කළ ඇමරිකාවට මානව හිමිකම් පිළිබඳව කතා කිරීමට සුදුසුකම් නොමැත.ඇමරිකාව සිදු කළ යුද අපරාධ සම්බන්ධයෙන් ජාත්‍යන්තර ප්‍රජාව විමර්ශනය කර වගකිව යුතු අයට සහ ඒ අපරාධ වසන් කළ අයට නියමිත දඬුවම් කළ යුතුය. යුක්තිය ප්‍රමාද විය හැකි නමුත් එය යම් දවසක පැමිණෙනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන