ඇමරිකාව අඛණ්ඩව වැරදි හැසි‍රීම්වල නිරතවුවහොත්, චීනය ඊට බලවත් ප්‍රතිචාර දැක්වීම ස්ථිරය!
2021-12-22 19:23:48
Share with:

ඇමරිකාව අඛණ්ඩව වැරදි හැසි‍රීම්වල නිරතවුවහොත්, චීනය ඊට බලවත් ප්‍රතිචාර දැක්වීම ස්ථිරය!_fororder_5cb6227cbc0746ef54fe9dbd02d11cb7

චීනයේ ‘විදේශ සම්බාධක-විරෝධී නීතිය’ට අනුව ඇමරිකානු ජගත් ආගමික නිදහස් කමිටුවේ සිව් දෙනෙකුට එරෙහිව සම්බාධක පනවන බව චීනය ප්‍රකාශ කර ඇත. ඒ, ඇමරිකාව තම දේශීය නීතිරීති වලට මුවාවී චීනයේ ෂින්ජියං ප්‍රදේශයේ ඊනියා මානව හිමිකම් ප්‍රශ්නය මත චීන නිලධාරීන් හතර දෙනෙකුට නිත්‍යනුකූල නොවන සේ සම්බාධක පැනවීමට ප්‍රතිචාරයක් වශයෙනි.

ඇමරිකාව චීනයේ අදාළ පුද්ගලයින්ට සම්බාධක පනවා ඇත්තේ ව්‍යාජ තොරතුරු හා අසත්‍යයන් පදනම් කර ගනිමිනි. චීනය සිය ෂින්ජියං ප්‍රදේශයේ ත්‍රස්තවාදය වැළැක්වීමේ විධිවිධාන යොදා ගැනීමේ අවශ්‍යතාව හා ෂින්ජියංහි සමෘද්ධිමත් සංවර්ධනය පිළිබඳව දිගු කාලයක් පුරා යළි යළිත් පහදා දුන්නද, ඇමරිකාව දිගින් දිගටම බිහිරෙකු  සේ හැසිරෙමින් සිටී. දේශපාලන අරමුණෙන් යුතුව එරට බොරු ගොතමින් ‘නළු නිළියින්’ පවා යොදා ගෙන දේශපාලන රංගන සංවිධාන කරමින් චීනය අපකීර්තියට ලක්  කිරීමට තැත් කර ඇත. ෂින්ජියංහි දියුණුවට බාධා කිරීම මගින් චීනය මර්දනය කිරීම ඔවුන්ගේ සැබෑ අරමුණය.

ඇමරිකාවේ ක්‍රියා, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට දැඩි මැදිහත්වීමක් වන අතර එය ජගත් නීතිය හා ජගත් සම්බන්ධතාව පිළිබඳ මූලධර්මය උල්ලංඝනය කිරීමකි. එක්සත් ජාතීන්ගේ සංවිධානය කේන්ද්‍ර කොට ගන්නා ජගත් පද්ධතියට එය දැඩි පහරකි. චීනයේ ෂින්ජියං ප්‍රදේශයේ කටයුතුවලට අතපෙවීමට ඇමරිකාවට අයිතියක් ‍නොමැත. ඇමරිකාව අඛණ්ඩව වැරදි හැසි‍රීම්වල නිරතවුවහොත්, චීනය ඊට බලවත් ප්‍රතිචාරය දක්වනු ඒකාන්තය. සිය නිත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කිරීම පිළිබඳ චීනයේ අධිෂ්ඨානය කිසිවෙකුට හෝ අවට තක්සේරු කළ නොහැකිය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන