‘ Five Eyes Alliance ’ සන්ධානයෙන් හොංකොංහි ප්‍රජාතාන්ත්‍රවාදයට අනිසි බලපෑම්
2021-12-21 13:05:38
Share with:

‘ Five Eyes Alliance ’ සන්ධානයෙන් හොංකොංහි ප්‍රජාතාන්ත්‍රවාදයට අනිසි බලපෑම්_fororder_rBABCmHAr0-AYz-lAAAAAAAAAAA028.1000x563

‘ Five Eyes Alliance ’ හෙවත්  ඇමරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය යන රටවල් 5කින් සමන්විත සන්ධානය ඊයේ(20) ‘ප්‍රජාතාන්ත්‍රවාදය’‍, ‘ මානව හිමිකම් ’ හුවාදක්වමින් විදේශ ඇමතිවරුන්ගේ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළේ ය. එමගින්, චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ඊයේ(20) සාර්ථක ව නිමාවූ 7වැනි ව්‍යවස්ථාදායක සභා මැතිවරණයට අනවශ්‍ය බලපෑමක් එල්ලකර තිබේ. මෙවර මැතිවරණය හොංකොංහි අයිතිවාසිකම්, නිදහස හා ස්වයං පාලනය අඩු කර ඇති බවට පදනම් විරහිත චෝදනා නගන එම නිවේදනය මගින්, ‘ චීන-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ නිවේදනය ’ වැරදි ‍අයුරින් විග්‍රහ කර තිබේ.

මැතිවරණ ක්‍රමවේදය මනාව වැඩිදියුණු කර ගැනීමෙන් පසු හොංකොං හි පවත්වන ලද ප්‍රථම ව්‍යවස්ථාදායක සභා මැතිවරණය මෙයයි. පුළුල්, සමබර දේශපාලන සහභාගීත්වය හා සාධාරණ තරගකාරීත්වය එහිදී තහවුරු කෙරිණ.

බ්‍රිතාන්‍යය, හොංකොං විශේෂ පරිපාලන කලාපය චීන මධ්‍යම රජයට නැවත භාර දීමට අදාළ ගැටළු නිරාකරණය කිරීම ‘ චීන-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ නිවේදනයේ ’ සඳහන් ප්‍රධාන කරුණ වේ. හොංකොං විශේෂ පරිපාලන කලාපය චීනයට නැවත එක්වීමෙන් පසු ක්‍රියාත්මක වන මැතිවරණ ක්‍රමවේදය ඇතුළු දේශපාලන පද්ධතිය කුමක්දැයි යන්න ‘ චීන-බ්‍රිතාන්‍ය ඒකාබද්ධ නිවේදනයේ ’ අන්තර්ගත නොවන බව චීන රාජ්‍ය මණ්ඩලයේ ප්‍රවෘත්ති කාර්යාලය ඊයේ(20) නිකුත් කළ ‘ එකම රටක් ක්‍රම දෙකක් ’ යටතේ හොංකොංහි ප්‍රජාතාන්ත්‍රවාදී ප්‍රගමනය පිළිබඳ ධවල පත්‍රිකාව අවධාරණය කරයි.

හොංකොං චීනයේ කොටසකි. එහි මැතිවරණ ක්‍රමවේදය චීනයේ අභ්‍යන්තර කටයුතු වලට අයත් ය. තමාට ගැලපෙන ප්‍රජාතාන්ත්‍රවාදී  මාර්ගය අනුගමනය කිරීමට චීන මධ්‍යම රජය හොංකොං විශේෂ පරිපාලන කලාපයට අඛණ්ඩ ව සහාය දක්වයි. ඇමරිකාව ඇතුළු බටහිර රටවල් සුළුතරයක් හොංකොංහි කටයුතුවලට තවදුරටත් මැදිහත් වන්නේ නම් එය ලජ්ජා සහගත කාරණයකි. හොංකොංහි දීප්තිමත් ප්‍රජාතාන්ත්‍රවාදී අනාගතයට අනවශ්‍ය බලපෑම් කරන ඕනෑ ම බාහිර බලවේගයක් අනිවාර්යයෙන් ම පරාජයට පත් වනු ඇති බව ද චීනය අවධාරණය කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන