හොංකොං විශේෂ පරිපාලනය සම්බන්ධයෙන් ඇමරිකාව හා ඇතැම් බටහිර රටවල් සිදු කරන රංගනයන් ලෝක ජනතාවට ඉතා පිළිකුල්ය
2021-12-21 17:02:43
Share with:

හොංකොං විශේෂ පරිපාලනය සම්බන්ධයෙන් ඇමරිකාව හා ඇතැම් බටහිර රටවල් සිදු කරන රංගනයන්  ලෝක ජනතාවට ඉතා පිළිකුල්ය_fororder_rBABCmHAr0-AYz-lAAAAAAAAAAA028.1000x563

Five Eyes Alliance සන්ධානය නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව, ඊයේ ජී 7 කණ්ඩාය‍ම ඊනියා විදේශ අමාත්‍යවරුන්ගේ ඒකාබද්ධ නිවේදනය නිකුත් කර ඇත.එමගින් චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ ඊයේ(20) සාර්ථක ව නිමාවට පත්වූ 7වැනි ව්‍යවස්ථාදායක සභා මැතිවරණය අපකීර්තිය‍ට ලක්කර තිබේ.ඉන් පසුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව, ඊනියා හොංකොං ස්වයං පාලනය පිළිබඳ වාර්තාවක් ඇමරිකානු කොන්ග්‍රසයට ඉදිරිපත් කර ඇත.ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව හොංකොං විශේෂ පරිපාලන කලාපයේ නිලධාරී පස් දෙනෙකුට සම්බාධක පනවා ඇත.

ඇමරිකාව හා ඇතැම් බටහිර රටවල් සිදු කරන එවැනි රංගනයන්  ලෝක ජනතාවට ඉතා පිළිකුල්ය. චීන විරෝධී පුද්ගලයන්ට සහය දෙමින් චීනයේ හොංකොං විශේෂ පරිපාලන කලාපයට එරෙහිව ක්‍රියා කරමින් චීනයට බාධා කිරීම ඔවුන්ගේ සැබෑ අරමුණය.

හොංකොං විශේෂ පරිපාලන කලාපය චීනයට ආපසු එක් වීමෙන් පසු එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කර එහි ප්‍රජාතාන්ත්‍රික පද්ධතිය ස්ථාපිත‍ කෙරිණ. එම පද්ධතිය අඛණ්ඩව යහපත් කිරීමට චීන රජය අනුබල දී ඇත. හොංකොං ප්‍රජාතන්ත්‍රවාදයේ සංවර්ධනය සඳහා චීන මධ්‍යම රජය සැම විටම ස්ථීර නායකත්වය, අනුබලය හා පිටුබලය ලබා දෙමින් සිටී.

Five Eyes Alliance සන්ධානය හා ජී 7 කණ්ඩායම යන බලවේගයන්ගේ දුර්වල දේශපාලන රංගනයන් බාහිර බලවේග හොංකොං කටයුතු වලට මැදහත්වීමේ සැබෑ සාක්ෂියක් බවට ඉතා පැහැදිලිය.ඔවුන්ගේ සම්බාධක මගින් චීන ජනතාව බියට පත් කළ නොහැකිය.එහෙත් හොංකොං අවුල් කිරීම යන ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ස්වභාවය පිළිබඳව ලෝකය‍ට වඩාත් පැහැදිලි වනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන