‘එක් රටක් ක්‍රම දෙකක්’ සංකල්පය හේතුවෙන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්තිවිඳින හොංකොං විශේෂ පරිපාලන කලාපය
2021-12-20 19:09:46
Share with:

‘එක් රටක් ක්‍රම දෙකක්’ සංකල්පය හේතුවෙන් සැබෑ ප්‍රජාතන්ත්‍රවාදයක් භුක්තිවිඳින හොංකොං විශේෂ පරිපාලන කලාපය_fororder_dc7d3747eea903332c3949d0e1aef63c

හොංකොං විශේෂ පරිපාලන කලාපයේ හත්වැනි ව්‍යවස්ථාදායක සභාවේ මැතිවරණය සාර්ථවක අවසන් විය. චීන රාජ්‍ය මණ්ඩලයේ පුවත් කාර්යාලය අද(20) නිකුත් කළ‘එක් රටක් ක්‍රම දෙකක්’යටතේ හොංකොං ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය පිළිබඳ ධවල පත්‍රිකාව, හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදය, ශුන්‍ය මට්ට‍මේ සිට වර්ධනය වී අඛණ්ඩව පරිපූර්ණ වීමේ ක්‍රියාදාමය සිහිපත් කර ඇත.

බ්‍රිතාන්‍යයේ යටත්විජිත පාලනය යටතේ වූ හොංකොං, සියවසකට වැඩි කාලයක් පුරා, බ්‍රිතාන්‍යය විසින් ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සිදුකිරීම තහනම් කරනු ලැබ තිබිණ. එකල හොංකොංහි සමාජය තුළ කිසිදු ප්‍රජාතන්ත්‍රවාදයක් නොපැවතිණ. වසර 1997 හොංකොං, මව්රට වන චීනයට ආපසු එක්වීමෙන් පසු, හොංකොංහි වැසියන්ට ප්‍රථම වරට සිය කලාපයේ හිමිකාරීත්වය ලබා ගෙන ‘එක් රටක් ක්‍රම දෙකක්’ රාමුව තුළ ස්වයං පාලන වශයෙන් සිය කලාපයේ කටයුතු පාලනය කිරීමට හැකි වී තිබේ.

චීන කොමියුනිස්ට් පක්ෂය හා චීන රජය ක්‍රියාත්මක කළ ‘එක් රටක් ක්‍රම දෙකක්’ ක්‍රියාමාර්ගය හා හොංකොංහි තත්ත්වයට ගැලපෙන ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය, එහි වැසියන්ගේ පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හා නිදහස මූලික වශයෙන් සහතික කර ඇතැයි සත්‍ය තත්ත්වයන් ගෙන් පිළිබිඹු වී තිබේ. එහෙත් හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය නිරන්තරවම බාධාවන්ට ලක් විය. එහි සිටින චීන විරෝධී පුද්ගලයින් හා විදේශීය සතුරු බලවේගයන් එක්ව, නිරන්තරව චීනයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා හොංකොං විශේෂ පරිපාලන කලාපයේ මූලික නීතිය අභියෝග කිරීමට තැත් කර ඇත.

ගෙවී ගිය දශක දෙකක කාලයේ දී, හොං‍කොංහි ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධන ක්‍රියාදාමය තුළ මතු වූ ගැටළුවල මූලිකත්වය, බෙදීම හා ප්‍රති බෙදීම, පෙරළාදැමීම හා ප්‍රතිපෙරළාදැමීම, බාධාවන් හා ප්‍රතිබාධාවන් බව පෙන්වා දිය යුතුය. එනම්, හොංකොංහි සිටින චීන විරෝධී පුද්ගලයින් හා ඔවුන්ට අනුබල දක්වන විදේශ බලවේගයින්, හොංකොංහි ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය විනාශ කිරීමෙහි නිරත වන විශාලතම සාධකයයි.

හොංකොං විශේෂ පරිපාලන කලාපය, තීරණාත්මක මොහොත්වලට මුහුණ දීමේ දී, චීන මධ්‍යම රජය, හොංකොං ජාතික ආරක්ෂක නීතිය ක්‍රියාත්මක කිරීම, කලාපීය මැතිවරණ ක්‍රමවේදය යහපත් කිරීම වැනි පියවර මාලාවක් යොදා ගෙන තිබේ. ඒවා, හොංකොංහි අවුල්සහගත තත්ත්වය සාමය කරා පරිවර්තනය කරවමින් එහි ප්‍රජාතන්ත්‍රවාදී සංවර්ධනය නිවැරදි මාර්ගයට ගෙන දීම පෙළඹවීමට කේන්ද්‍රීය පියවරයන්ය. සාර්ථකව අවසන් වූ හොංකොං විශේෂ පරිපාලන කලාපයේ හත්වැනි ව්‍යවස්ථාදායක සභාවේ මැතිවරණය එහි විශේෂ ලක්ෂිත ජ්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ තවත් සාර්ථක නිදසුනක් ලෙස හැඳින් විය හැකිය.

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන