ඩිජිටල්කරණය කරා ගමන් කරන ශ්‍රී ලංකාව
2021-12-20 14:47:06
Share with:

ඩිජිටල්කරණය කරා ගමන් කරන ශ්‍රී ලංකාව_fororder_c9326873b73e74313471bdc958efbc50

ඩිජිටල් තාක්ෂණ භාවිතය, රටක ආර්ථික ප්‍රතිසංස්කරණයටත්, ආර්ථික වර්ධනයටත් වැදගත් සාධකයක්.  ඩිජිටල් නිපුණතා, නව යුගයේ ජනතාවගේ මූලික මානව හිමිකමක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දී තිබෙනවා. විශේෂයෙන් නව කොරොනා වසංගතය විවිධ රටවල ඩිජිටල්කරණ සංවර්ධනය කඩිනම් කර ගැනීමට තවත් හේතුවක් වුණා.  මෙවන් පසුබිමක, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණඥයන් රටක අනාගත සංවර්ධනයට කෙතරම් වැදගත් ද යන්න අමුතුවෙන් පහදා දිය යුතු නැහැ.

සංවර්ධනය වෙමින් පවතින රටවල් හා සංවර්ධිත රටවල් අතර පවතින ඩිජිටල් තාක්ෂණික පරතරය අවම කිරීමේ අරමුණෙන් යුක්තව, චීනය බොහෝ සංවර්ධනය වෙමින් පවතින රටවලට ඩිජිටල් තාක්ෂණික ප්‍රවීණයින් බිහි කිරීම සඳහා සහය දක්වා තිබෙනවා. මේ යටතේ, චීනයේ දැවැන්ත සන්නිවේදන සමාගමක් වන හුවාවෙයි සමාගම, වසර 2008 සිට ඔවුන් හා ව්‍යාපාර පවත්වන රටවලට ඩිජිටල්කරණ ප්‍රවීණයන් බිහි කිරීමට උපකාර කිරීමෙහි නියැළී සිටිනවා. ශිෂ්‍යත්ව ලබා දීම, විද්‍යා තාක්ෂණික තරග පැවැත්වීම,  ඩිජිටල් නිපුණතා පුහුණුව ඇතුළු බහුවිධ ප්‍රවීණයින් යොදවා අධ්‍යාපන ව්‍යාපෘති එම සමාගම විසින් ආරම්භ කරනු ලැබුවා. අදාළ ව්‍යාපෘති රටවල් 150ක පමණ ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර ඉන් ප්‍රතිලාභ අත් වූ  පිරිස පහලොස් ලක්ෂ හතලිස් දහසකට අධිකයි.

හුවාවෙයි සමාගමේ එම ව්‍යාපෘතිවල අංගයක් වශයෙන් ‘Seeds For the Future’ ව්‍යාපෘතිය ශ්‍රී ලංකාව ඇතුළු සංවර්ධනය වෙමින් පවතින රටවල ආරම්භ කෙරුණා. වසර 2016 දී ශ්‍රී ලංකාවේ ඇරඹුණු එම ව්‍යාපෘතියේ නව පාඨමාලාවක් පසුගියදා ආරම්භ කෙරුණා. මෙවර  විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාවන් 18 දෙනෙකුට මාර්ගගත ලෙස ඩිජිටල්කරණ පුහුණු සඳහා එක්වීමට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.

නව‘Seeds For the Future’ ව්‍යාපෘතියේ සමාරම්භක උළෙලට එක් වූ  අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන මහතා පවසා ඇත්තේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අගමැති මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් රටේ  නව ප්‍රවීණයන් නිර්මාණය කිරීම අතිශයෙන් වැදගත් කොට සලකන බවයි. ඩිජිටල්කරණ ආර්ථිකයක් ගොඩනැගීමේ අපේක්ෂාවෙන් යුක්තව, ප්‍රවීණයන් බිහි කිරීමට රජය ප්‍රබල අනුග්‍රහයක් දක්වා තිබෙනවා. විශේෂයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ සඳහන් පරිදි,  ශ්‍රම බලකායේ නිපුණතා රහිත පිරිස 2025 වනවිට 10% දක්වා අඩු කිරීමට අපේක්ෂිතයි. මේ නිසා චීන රජය හා ව්‍යාපාර, දිගු කාලයක් තිස්සේ නව තාක්ෂණඥයන් බිහි කිරීමට ශ්‍රී ලංකාවට ලබා දුන් වැදගත් සහාය අධ්‍යාපන අමාත්‍යංශයේ ඉහළ පැසසුමට ලක් වන බව අමාත්‍යවරයා පවසනවා. ඩිජිටල්කරණ රටක් ගොඩනැගීමේ අභිලාෂය සාක්ෂාත් කරගැනීම උදෙසා ශ්‍රී ලංකාව ක්‍රියා කරමින් සිටිනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන