ශින් චියං වැසියන් ගැන කිඹුල් කඳුළු හෙළන ඇමරිකානු සෙනෙට් සභාව
2021-12-17 21:19:53
Share with:

ඇමරිකානු සෙනෙට් සභාව ඊනියා "උයිගුර් ජාතිකයන් බලහත්කාර ශ්‍රමයෙන් බේරාගැනීමේ පනත" ඊයේ(16) සම්මත කළේ ය. එම පනන මගින් චීනයේ ශින් චියං ප්‍රදේශයේ ස්ථාපිත  ඇමරිකානු වෙ‍ළඳපොළට පිවිසීමට තහංචි පැනවීමක් සිදු කෙරේ. චීනයේ ශින් චියං ප්‍රදේශයේ මිනිස් ශ්‍රමය බලහත්කාරයෙන් යොදාගැනීම  ඊට හේතු වී ඇතැයි ඇමරිකානු සෙනෙට් සභාව පවසයි.

ශින් චියං ප්‍රදේශයේ බලහත්කාර ශ්‍රම භාවිතය පවතින බව ඇමරිකාව යළි යළිත් කියා සිටිය ද එම ප්‍රදේශයේ වෙසෙන ජනතාව මාධ්‍ය හමු ඇතුළු බොහෝ අවස්ථාවලදී සිය සැබෑ ජීවන තත්ත්වය විස්තර කර තිබේ. ඔවුන් තම ශ්‍රමයෙන් නිදහස් හා සතුටුදායක ජීවිත ගත කරන බව ඉන් තහවුරු වී ඇත.

ශින් චියං ප්‍රදේශයේ බලහත්කාර ශ්‍රම භාවිතය යන අසත්‍යය යොදාගෙන විවිධාකාර අනිසි ක්‍රියාවන්හි නිරත වීම, ඕස්ට්‍රේලියාවේ උපාය මාර්ගික ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනයේ ප්‍රධාන කාර්යයකි. ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සිය ආයතනයට විශාල මුදලක් සපයන බව එම ආයතනය විසින් ම පවසන ලදැයි මෑතකදී පුවත් වාර්තාවකින් හෙළි වී තිබේ. ඒ අනුව, ඕස්ට්‍රේලියානු උපාය මාර්ගික ප්‍රතිපත්ති පර්යේෂණ ආයතනය ශින් චියං ප්‍රදේශය පිළිබඳ පළ කළ අදහස, මුදල් ඉපයීමේ අරමුණින් කළ පදනම් විරහිත ප්‍රකාශයක් බව මනාව පැහැදිලි ය . Australian Alert Service නම් ඕස්ට්‍රේලියානු  මාධ්‍ය ආයතනය වාර්තාවක් නිකුත් කරමින්, ඇමරිකාව චීනයේ  ශින් චියං ප්‍රදේශය පිළිබඳව යළි යළිත් කටකතා නිර්මාණය කරන්නේ යටි අරමුණක් සහිතව යැයි පෙන්වා දී ඇත. ශින් චියං හි ජනවාර්ගික ගැටුම්, බෙදුම්වාදය හා ත්‍රස්තවාදය ඇති කරමින් චීනය යන සතුරාට බාධා කිරීම එකී යටි අරමුණ බව ද එහි සඳහන්‍ ය. මීට අමතරව , දේශපාලන කුමන්ත්‍රණ මගින් ශින් චියං හි කර්මාන්ත සංවර්ධනයට බලහත්කාරයෙන් බාධා කරමින් එහි දරිද්‍රතාවය හා විරැකියාව වැනි ප්‍රශ්න නිර්මාණය කිරීම ඇමරිකාවේ තවත් චේතනාවකි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන