චීන- රුසියානු නායකයන් අතර ගැඹුරු මිතුදම හා ප්‍රශස්ත දේශපාලන විශ්වාසය යළිත් පිළිබිඹු වේ
2021-12-16 18:56:12
Share with:

චීන- රුසියානු නායකයන් අතර ගැඹුරු මිතුදම හා ප්‍රශස්ත දේශපාලන විශ්වාසය යළිත් පිළිබිඹු වේ_fororder_aa18972bd40735fa38c7488aa22b9aba0f240855

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා හා රුසියානු ජනාධිපති Vladimir Putin මහතා ඊයේ(15) පැවති මාර්ගගත හමුවේදී බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී යළි හමුවීමට ප්‍රතිඥා දුන්හ. ඉන් දෙරටේ නායකයන් අතර ගැඹුරු මිතුදම හා ඉහළ මට්ටමේ ද්විපාර්ශ්වික දේශපාලන විශ්වාසය පිළිබිඹු වේ.

වර්තමානයේ ලෝකය දරුණු අවදියක පසුවන අතර, චීන-රුසියානු සබඳතාව විවිධාකාර අසීරුතා හා විපර්යාසයන්ට ලක්ව, මේ වනවිට නව ජීවයක් සාක්ෂාත් කර ඇත. ප්‍රධාන වශයෙන් ඊට පදනම් ව ඇත්තේ දෙරටේ නායකයන්ගේ උපාය මාර්ගික ප්‍රයත්නයන්ය. මේ වසරේ චීන රුසියානු සහයෝගිතා ප්‍රතිඵල රාජ්‍ය නායක දෙපළගේ ප්‍රසාදයට ලක්ව ඇත. වසංගත බලපෑම තිබුණ ද ද්විපාර්ශ්වික වෙළඳාම ද යළිත් ඉහළ ම අගය වාර්තා කර තිබේ. චීනයේ නැගෙනහිර ප්‍රදේශය හරහා වැටී ඇති චීන-රුසියානු ස්වාභාවික ගෑස් නල මාර්ගය මගින් එම ප්‍රදේශයේ චීන වැසියන්ට රුසියානු ගෑස් භාවිත කළ හැකි ය. එසේම චීනය නිෂ්පාදනය කරන ජංගම දුරකථන, මෝටර් රථ ඇතුළු භාණ්ඩ අලෙවිය රුසියාවේ ඉහළ ගොස් ඇත. චීන රුසියා පූර්ණ ප්‍රායෝගික සහයෝගිතාවෙන් පුළුල් දේශපාලන වාසියක් හා අවස්ථා අත්වන බව ෂී ජින් පිං මහතා පෙන්වා දුන්නේය.

ජාත්‍යන්තර සාධාරණත්වය සහ යුක්තිය රැකගැනීම මෙන්ම ජාත්‍යන්තර සබඳතාව ප්‍රජාතන්ත්‍රීය කිරීමේදී ආරක්ෂක මණ්ඩලයේ ස්ථාවර සාමාජික රටවල් ලෙස චීනය හා රුසියාව සමාන මතවාදයක හා ස්ථාවරයක පසුවෙයි. දෙරටේ සහයෝගිතාව ඔස්සේ අවිනිශ්චිතතාවයෙන් යුතු ජාත්‍යන්තර ක්‍රියාකාරිත්වයට  මනා නිශ්චිත භාවයක් ආරෝපණය වනු ඇත.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන