කොවිඩ් අර්බුදයෙන් හෙළිවන ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අස්ථාවරභාවය
2021-12-14 21:39:02
Share with:

ඊයේ (13) වන විට ඇමරිකාවේ තහවුරු කරන ලද කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව කෝටි 5 ඉක්මවා ගිය අතර, සමස්ත කොවිඩි මරණ සංඛ්‍යාව ලක්ෂ 8කට ළඟා වී ඇතැයි ඇමරිකාවේ Johns Hopkins විශ්වවිද්‍යාලය නිකුත් කළ නවතම සංඛ්‍යා ලේඛනවලින් හෙළි විය. කෝටි 5ක් වන කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන්ගෙන් පහෙන් එකකි. එමෙන් ම ලක්ෂ 8කට ආසන්න මරණ සංඛ්‍යාව, පළමු සහ දෙවන ලෝක යුද්ධ, කොරියානු යුද්ධය, වියට්නාම් යුද්ධය, ඉරාක යුද්ධය සහ ඇෆ්ගනිස්ථාන යුද්ධයේදී ඇමරිකාවේ සිදු වූ මුළු මරණ සංඛ්‍යාව ඉක්මවා යාමකි.

ගෝලීය කොවිඩ් වසංගත පාලනයේදී ලොව ප්‍රධානම බලවතා වශයෙන් ඇමරිකාව බරපතල ම තත්ත්වයට පත් ව ඇත්තේ ඇයි ? වසංගත පාලනය ආරම්භ කෙරුණු මුල් කාලයේ සිට ඇමරිකානු දේශපාලනඥයන් සිය දේශපාලන වාසි ගැන පමණක් සලකා, විද්‍යාත්මක ව වසංගත පාලනය සිදු නොකිරීම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත. එසේම,වසංගත පාලනයේදී ඇමරිකාවේ විවිධ ප්‍රාන්ත සාමූහිකත්වයෙන් ‍තොරව කටයුතු කිරීම සහ රිපබ්ලිකන් හා ඩිමොක්‍රටික් පක්ෂ දෙක එකිනෙකාට ගැරහීම හේතුවෙන් ඇමරිකාවේ වසංගත පාලනයට දැඩි බාධා එල්ල වී තිබේ.

මේ වන විට කොවිඩ් වසංගතයෙන් ඇමරිකානු සමාජයට ඇති වූ හානි මහජන සෞඛ්‍ය ක්ෂේත්‍රය ඉක්මවා ගොසිනි. එරට කර්මාන්තශාලා විශාල සංඛ්‍යාවක් වසා දැමීම හේතුවෙන් බොහෝ ඇමරිකානු ජාතිකයෝ විරැකියාවෙන් පීඩාවට පත්ව සිටිති. උද්ධමනය ද අඛණ්ඩව ඉහළ ගොස් තිබේ. ජන වාර්ගික ප්‍රශ්නය ද හිස ඔසවා ඇත. කොවිඩ් වසංගත අර්බුදය ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයේ අස්ථාවරභාවය මනාව හෙළිදරව් කර ඇති බව ප්‍රංශයේ " Le Monde"  පුවත්පත පෙන්වා දී තිබේ. මෙය ප්‍රත්‍යක්ෂ යථාර්ථයක්  නොවේ ද ..?

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන