ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් සුළු සංඛ්‍යාවකට ඔලිම්පික් ක්‍රීඩා මහ ගෙදර සංකේතවත් කළ නොහැකිය
2021-12-14 10:30:14
Share with:

ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් සුළු සංඛ්‍යාවකට ඔලිම්පික් ක්‍රීඩා මහ ගෙදර සංකේතවත් කළ නොහැකිය_fororder_rBABDGG3buiAVcg9AAAAAAAAAAA954.1080x608.1000x563

ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් සුළු සංඛ්‍යාවක් බෙයිජිං ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙලට නිලධාරීන් සහභාගී නොකරන බවට පසුගිය දා ප්‍රකාශ කර තිබේ. චීනය එවැනි රටවලට  පැමිණෙන ලෙසට ආරාධනා නොකිරීම හේතුවෙන්, එම රටවල ප්‍රකාශය දේශපාලන ප්‍රහසනයක් පමණක් බව අවධාරණය කෙරේ.

ක්‍රීඩාව දේශපාලන මධ්‍යස්ථභාවයේ පැවතිය යුතුය යන්න ඔලිම්පික් ප්‍රඥප්තිය අවධාරණය කරයි. කෙසේ වුවද, රටවල් සුළු සංඛ්‍යාවක අගතිගාමී මතවාද හේතුවෙන්, ක්‍රීඩාව දේශපාලනීකරණයට ලක් කර තිබේ. ඔලිම්පික් ජීවගුණයට විරුද්ධ එම ක්‍රියාව, තම රටේ ක්‍රීඩකයන් ඇතුළු විවිධ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ප්‍රතිලාභ වලට හානියක් වන අතර, ජගත් ප්‍රජාවේ පොදු විරෝධයට ලක්ව ඇත. ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති Thomas Bach මහතා අනතුරු අඟවා ඇත්තේ, දේශපාලනීකරණය ඔලිම්පික් ක්‍රීඩාවේ අනාගතයට දැඩි තර්ජනයක් එල්ල කරනු ඇති බවයි.

වර්තමානයේ, ගෝලීය වශයෙන් නව කොරොනා වසංගත තත්ත්වය අඛණ්ඩ ව බැරෑරුම් තත්ත්වයක පවතින අතර, ඇතැම් ප්‍රදේශ වල යළිත් විවිධ ගැටුම් මතුවී තිබේ. මෙවන් තත්ත්වය යටතේ පැවැත්වීමට නියමිත බෙයිජිං ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල, ක්‍රීඩා සැණකෙළියක් පමණක් නොව, සමස්ත ලෝකයා එකමුතුව, සාමය, හා මිතුදම කෙරෙහි දක්වන අභිලාෂය නිරූපණය කරයි. ඇමරිකාව, බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් සුළු සංඛ්‍යාවකට ඔලිම්පික් ක්‍රීඩා මහ ගෙදර සංකේතවත් කළ නොහැකි ය. ‘ බෙයිජිං ශීත කාලීන ඔලිම්පික් ක්‍රීඩා උළෙල අතිඋත්කර්ෂවත් ව පැවැත්වෙනු ඇති ’ බවට විශ්වාස කෙරේ. මෙය ජගත් ප්‍රජාවේ පරම අභිලාෂයයි.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන