‘ ස්ථාවරත්වය ’ චීන ආර්ථිකයේ කැපීපෙනේ
2021-12-12 15:20:47
Share with:

‘ ස්ථාවරත්වය ’ චීන ආර්ථිකයේ කැපීපෙනේ_fororder_rBABCWG0mL2AVLe6AAAAAAAAAAA279.1000x563

පසුගිය 8වැනි දා සිට 10වැනි දා දක්වා, චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ වාර්ෂික ආර්ථික කාර්ය රැස්වීම බෙයිජිං හිදී පැවැත්විණ. ඒ පිළිබඳ නිවේදනයක් 10වැනි දා රාත්‍රියේ නිකුත් කෙරිණ. එහි දැක්වෙන කරුණු මගින් ‘ ස්ථාවරත්වය ’ යන අර්ථය ඉස්මතු වී ඇති බව ජාත්‍යන්තර ප්‍රධාන මාධ්‍ය රැසක් වාර්තා කර තිබේ. සිංගප්පූරුවේ zaobao පුවත්වත ඒ පිළිබඳව පවසන්නේ ආර්ථිකය ස්ථාවර කිරීමේ දැඩි සංඥාවක් එම රැස්වීම විදහා දක්වා ඇති බවයි. ‘ ස්ථාවර ’ හෝ ‘ ස්ථාවරත්වය ’ 25 වරක් අදාළ නිවේදනයේ සඳහන් වී ඇති බව ඇමරිකාවේ Bloomberg ප්‍රවෘත්ති ඒජන්සිය පෙන්වා දෙයි.

වාර්ෂික ව පැවැත්වෙන ආර්ථික කාර්ය රැස්වීම, මීළඟ වසර සඳහා චීන ආර්ථික ප්‍රතිපත්තිවල දිශාව ලෙසට සැළකේ. 2022 වසරේ චීන ආර්ථික කාර්යයන් වලදී , ස්ථාවරත්වය මුල් තැන තැබිය යුතු බව මෙම වසරේ පැවති රැස්වීම අවධාරණය කළේ ය.

‘ ස්ථාවරත්වය ’ මත පදනම් ව මෙම වසරේ චීන ආර්ථිකය දුෂ්කරතා රැසක් හමු වුවද වර්ධනය වී ඇත. පසුගිය කාර්තු 3 තුළ, චීනයේ දළ දේශීය නිෂ්පාදිත වටිනාකම පෙර වසරේ සමාන කාලයේ පැවති වටිනාකමට වඩා 9.8%ක වැඩිවීමක් පෙන්නුම් කර ඇත. චීන ආර්ථිකයේ ස්ථාවර ප්‍රකෘතිමත්වීම ‍හේතුවෙන් චීනය තුළ ආයෝජනයන් සිදු කර ඇති විදේශීය ව්‍යවසායයන් රැසකට ද ප්‍රතිලාභ හිමි කර ගැනීමට හැකිවී ඇත. Tesla සමාගම පසුගිය මාසයේ චීනයේ පිහිටි කර්මාන්තශාලාවේ නිෂ්පාදන කෙරුණු වාහන 52859ක් අලෙවි කර තිබේ. 2020 වසරේ සමාන කාලයට වඩා එහි 111%ක වර්ධනයක් පෙන්නුම් කෙරේ.

අනාගතයේදී මෙවන් අවස්ථා තවදුරටත් තහවුරු කෙරෙනු ඇත. ලබන වසරේ චීනය ගුණාත්මක විවෘතභාවය අඛණ්ඩ ව පුළුල් කරමින්, අන්තර්ජාතික සමාගම් වැඩි සංඛ්‍යාවක් චීනයේ ආයෝජනය කිරීම ආකර්ෂණය කර ගනිමින් ‘ එක් තීරයක් එක් මාවතක් ’ වැඩපිළිවෙළ ගුණාත්මක ව පොදුවේ ගොඩනැංවීම ඉදිරියට ගෙන යන බව පසුගිය 10වැනි දා නිමාවට පත්වූ එම රැස්වීම අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240416අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන