ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ විගඩම් සමුළුව අශෝභන ලෙස අවසන්
2021-12-11 19:45:09
Share with:

ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ විගඩම් සමුළුව අශෝභන ලෙස අවසන්_fororder_QQ图片20211211193810

ඇමරිකාව විසින් කැඳවන ලද ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව" 10වැනිදා ඉතා අශෝභන ලෙස අවසන් විය. එය ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ඇමරිකාව විසින් කරන ලද ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. බෙදීම් හා ගැටුම් උසි ගන්වමින් එරට ආධිපත්‍යය ආරක්ෂා කිරීමේ දේශපාලන විගඩම අසාර්ථක වීම නොවැළැක්විය හැකිය.

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් අපරාධවලට බියෙන් පලා ගිය හොංකොංහි කඩාකප්පල්කරුවෙකු වන Luo Guancong ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුවට" එක්වීම සඳහා ආරාධනා කිරීමෙන්, චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ‍මැදිහත්වීමේ ඇමරිකාවේ දුෂ්ට චේතනාව සම්පූර්ණයෙන්ම හෙළිදරව් වී ඇත.

ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව" පැවත්වීමෙන් පසු, ඇමරිකානු භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව චීනයේ පුද්ගලයින් රැසකට සහ ආයතනවලට සම්බාධක පනවා තිබේ. "ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය" නැවත වරක් එහි ආධිපත්‍යයේ සැබෑ මුහුණුවර මෙම ක්‍රියාවෙන් යළි අනාවරණය කෙරිණ. කෙසේ වෙතත්, චීනය කිසි විටෙකත් ඊනියා සම්බාධකවලට බිය වී නැත. ඇමරිකාවට චීනයේ ස්ථිර සංවර්ධන වේගය නැවැත්වීමට  නොහැක.

ප්‍රජාතන්ත්‍රවාදයේ ධජය යටතේ, ඇමරිකාව බෙදීම් හා ගැටුම් උසි ගන්වමින් ඉතිහාසයේ ප්‍රවණතාවට පටහැනිව යාමෙන්, "ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රබෝධය" වියැකී යාමට මුහුණ දෙන විට මතුවන භීතිය සහ කාංසාව හෙලිදරව් වෙයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන