ලෝක ප්‍රවණතාවට අනුකූල එකම චීනය යන මූලධර්මය
2021-12-10 16:12:48
Share with:

එකම චීනය යන මූලධර්මය ලෝක ප්‍රවණතාවට අනුකූල වේ.

චීනයේ තායිවාන ප්‍රදේශය සමඟ පවතින ඊනියා රාජ්‍යතන්ත්‍රික සබඳතාව අත්හිටුවීමෙන් පසු නිකරගුවා රජය අද (10) ප්‍රකාශ කළේ චීන මහජන සමූහාණ්ඩුව සමඟ රාජ්‍යන්තන්ත්‍රික සබඳතාව යළි පිහිටවන බවයි. මේ වනවිට ලෝකයේ රටවල් 180ක් චීනය සමඟ රාජ්‍යතන්ත්‍රික සබඳතා පිහිටුවා තිබේ.එකම චීනය යන මූලධර්මය අඛණ්ඩව ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමට ලක්වී ඇති බව ඉන් පිළිබිඹු වේ. කිසිඳු බලවේගයකට ඊට බාධා කළ නොහැකි ය.

කොන්දේසි රහිතව චීනය සමඟ යළි රාජ්‍යතන්ත්‍රිත සබඳතාව පිහිටුවීමෙන් චීනයේ තායිවාන ප්‍රදේශය සමඟ කිසිඳු නිල සබඳතාවක් හෝ නිල හුවමාරුක් හෝ සිදු නොකිරීමට නිකරගුවාව ප්‍රතිඥා ලබාදී තිබේ. එකම චීනය පිළිබඳ මූලධර්මය ජනතාවගේ අපේක්ෂාවට අනුකූල වන අතර ඊට අභියෝග කළ නොහැකි බව ඉන් මනාව පැහැදිලිය.

චීනය හා නිකරගුවාව රාජ්‍යතාන්ත්‍රික සබඳතාව යළි පිහිටුවීමෙන් පසු දෙරට අන්‍යෝන්‍ය ගරුත්වය,සමානත්වය සහ අන්‍යෝන්‍ය යහපත මත විවිධ ක්ෂේත්‍ර වල සහයෝගිතා පවත්වා දෙරටේ ජනතාවට ප්‍රතිලාභ ගෙන දෙනු ඇත.තායිවාන පළාත සමඟ ඊනියා රාජ්‍යතන්ත්‍රික සබඳතා පිහිටුවූ රටවල කිහිපයක් හැකි ඉක්මණින් ප්‍රවණතාවට ගැලපෙන, ජනතාවගේ අපේක්ෂාවට අනුකූල වන නිවැරදි තෝරා ගැනීම ක්‍රියාත්මක කළ යුතුය. තායිවාන ප්‍රදේශය ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන්ගේ දේශපාලන සූදු පිටියක් නොවේ. රටේ ස්වාධිපත්‍යය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම වෙනුවෙන් චීන ජනතාවගේ දැඩි අධිෂ්ඨානය හා ප්‍රබල හැකියාව කිසිවෙකුට හෝ අවතක්සේරු කළ නොහැකි ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන