ඇමරිකානු දේශපාලනඥයන්ගේ ප්‍රකෝපකිරීම් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපසේ සාමය හා ස්ථාවරත්වයට ඇති ප්‍රධාන තර්ජනයයි
2021-12-09 19:40:08
Share with:

ඇමරිකානු දේශපාලනඥයන්ගේ ප්‍රකෝපකිරීම් තායිවාන සමුද්‍ර සන්ධිය දෙපසේ සාමය හා ස්ථාවරත්වයට ඇති ප්‍රධාන  තර්ජනයයි_fororder_20211209180302851

ඇමරිකාව විසින් මෙහෙයවන ලද ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව" යන විගඩම අද(9) වේදිකා ගත වී ඇත. "තායිවාන ස්වායීනත්වය" අදහස් කරන්නන්ට සහාය දැක්වීම සඳහා, ඇමරිකානු දේශපාලනඥයන් මෑතකදී නිතරම කතා කර තිබේ. ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක Jake Sullivan මෑතකදී කියා සිටියේ "චීනය විසින් බලහත්කාරයෙන් තායිවානය එක්සත් කිරීම කිසි විටෙකත් සිදු නොවන බව සහතික කිරීම" සඳහා ඇමරිකාව සිය ධාරිතාවය තුළ සියලු ක්‍රියාමාර්ග ගන්නා බවයි.

ඇමරිකානු රජය වරෙක ප්‍රකාශ කරන්නේ තමන් එකම චීනය යන ප්‍රතිපත්තිය අනුගමනය කිරීමට කැපවී සිටින අතර "තායිවාන ස්වාධීනත්වයට" සහාය නොදක්වන බවයි. තවත් අවස්ථාවක පිළිකුල් සහගත ව හිතාමතාම තායිවානය "රටක්" ලෙස හඳුන්වයි.

චීන-ඇමරිකා සබඳතාවල දේශපාලන පදනම වන්නේ එකම චීනය යන මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශන තුනයි. අනුප්‍රාප්තික ඇමරිකානු රජයන් මෙය අනුගමනය කිරීම සඳහා පැහැදිලි පොරොන්දු දී ඇත. මෑත වසරවලදී, ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන් චීනය එක්සත් කිරීම වැළැක්වීමට උත්සාහ කර ඇත. මෙම ක්‍රියාව චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුනේ ආත්මය උල්ලංඝනය කිරීමකි.

ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුවට" සහභාගී වන ලෙස ඇමරිකාව තායිවානයට ආරාධනා කිරීමෙන් ලෝකයේ අතිමහත් බහුතර රටවල් එකම චීනය යන මූලධර්මය පිළිපැදීමේ ස්ථීර රටාවට බලපෑම් සිදු කළ නොහැකිය. ජාතික ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ චීන ජනතාවගේ අධිෂ්ඨානය සහ චීනය යලි එක්සත් කිරීමේ ඓතිහාසික ක්‍රියාවලිය නැවැත්විය නොහැක.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන