ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව" සත්‍ය වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමන සමුළුවකි
2021-12-08 19:52:04
Share with:

ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව" සත්‍ය වශයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය පාගා දමන සමුළුවකි_fororder_20211208172359760

අපරාධවලට බියෙන් පලා ගිය හොංකොංහි කඩාකප්පල්කරුවෙකු වන Luo Guancong මෑතකදී කියා සිටියේ ඇමරිකා‍වේ ආරාධනාවකට අනුව ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුවේදී" තමා දේශනයක් පවත්වනු ඇති බවයි.

ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් හොංකොං කැරලිකරුවන් ආරක්ෂා කර චීනයේ අභ්‍යන්තර කටයුතුවලට ‍මැදිහත්වීමේ ඇමරිකාවේ දුෂ්ට චේතනාව මෙමඟින් සම්පූර්ණයෙන්ම හෙළිදරව් වී ඇත.

Luo Guancong යනු වසර ගණනාවක් ඇමරිකාව සහ බටහිර පාර්ශ්වය විසින් පෝෂණය කරන ලද "හොංකොං ස්වාධීනත්වය" අදහස් කරන පුද්ගලයෙකු වන අතර චීන විරෝධී හොංකොංහී කඩාකප්පල්කරුවෙකි. හොංකොං හි තරුණ තරුණියන් නීතිවිරෝධී ක්‍රියාවන් ඔහු පොළඹවා ගෙන නැවත නැවතත් චීනය කොටස් කිරීම උසිගන්වා ඇත.

චීනය හුදෙකලා කිරීමට සහ එරෙහිවීමට "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව" මගින් මතවාදී ගැටුමක යෙදී තමා ප්‍රමුඛ නව ක්‍රමයක් හා කඳවුරක් නිර්මාණය කිරීමට ඇමරිකාව උත්සාහ දරන බව ඇතැම් විශ්ලේෂකයන් පෙන්වාදී ඇත.

ඇමරිකාව "ප්‍රජාතන්ත්‍රවාදයේ" ධජය යටතේ වුවද, එය කිසි විටෙකත් හොංකොං පුරවැසියන්ගේ ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් පිළිබඳව සැලකිල්ලක් දක්වා නොමැති අතර, එහි අධිපතිවාදී අයිතිවාසිකම් හා අවශ්‍යතා ආරක්ෂා කරන්නේ කෙසේද යන්න පිළිබඳව සැමවිට ම  කල්පනා කරයි.

ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව"ඇමරිකානු රජය විසින් නිර්මාණ කරන සර්කස් ප්‍රසංගයක් පමණක් බව සිංගප්පූරුවේ "Lianhe Zaobao" මෑතකදී දේශපාලන කාටූනයක් මගින් උපහාසයට ලක් කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන