ඇමරිකානු ජනතාවගේ ජීවත්වීමේ මූලික අයිතිය සහතික කිරීම දුෂ්කර වී ඇති අවස්ථාවක ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමුළුව පැවැත්වීම හාස්‍යයකි
2021-12-07 20:57:38
Share with:

ඇමරිකානු ජනතාවගේ ජීවත්වීමේ මූලික අයිතිය සහතික කිරීම දුෂ්කර වී ඇති අවස්ථාවක ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමුළුව පැවැත්වීම හාස්‍යයකි_fororder_20211207200330303

මීට දින කිහිපයකට පෙර ඇමරිකාවේ තවත් පාසලක වෙඩි තැබීමක් සිදු විය. Michigan ජනපදයේ 15 හැවිරිදි උසස් පාසලක සිසුවෙක් විසින් සිසුන් 4 දෙනෙකු වෙඩි තබා ඝාතනය කරන ලදි. ඔහු රැගෙනව්ත් තිබූ අවිය  දෙමාපියන් විසින් ඔහුට ලබා දුන් නත්තල් තෑග්ගකි.

ඇමරිකාව"මානව හිමිකම් ආරක්ෂා කිරීම" ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය ‍ලොව පුරා ප්‍රවර්ධනය කිරීමේ එක් හේතුවක් ලෙස සලකයි. කෙසේ වෙතත්, ඇමරිකානු ජනතාවගේ ජීවත්වීමේ මූලික අයිතිය සහතික කිරීම දුෂ්කර වී ඇත. ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය මානව හිමිකම් ආරක්ෂා කරනවාද මානව හිමිකම් කඩ කරනවාද? අව් භාවිතය වර්ධනය  සෑම ඇමරිකානුවෙකුගේම මූලික මානව හිමිකම්වලට තර්ජනයක් වන අතර ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යටතේ සුව කළ නොහැකි වේදනාවක් බවට පත්ව ඇතැයි චීන චින්තන මණ්ඩලයක් විසින් මෑතකදී නිකුත් කරන ලද‘ඇමරිකා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්න 10ක්’සම්බන්ධ පර්යේෂණ වාර්තාව හෙළි කරයි.

අදාළ සංඛ්‍යාලේඛනවලට අනුව, ඇමරිකාව දුර්වලම අවි පාලන නීති සහ ලෝකයේ වැඩිම  අවි භාවිත රටයි. ඇමරිකාව සතුව අවි මිලියන 393 ක් පමණ තිබේ. වෙනත් ඉහළ ආදායම් ලබන රටවල මිනිසුන්ට වඩා ඇමරිකානු ජනතාව වෙඩි තැබීම්වලට ගොදුරු වීමේ සම්භාවිතාව 25 ගුණයකින් ඉහළ ය. අවි පාලනය පිළිබඳ ගැටලුව පමණක් ඇමෙරිකානු ප්‍රජාතන්ත්‍රවාදයේ අඩුපාඩු පැහැදිලිව හෙළි කරයි. එළඹෙන ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදී සමුළුවේ" ජීවත්වීමේ මූලික අයිතිවාසිකම සම්බන්ධ වන මෙම මාතෘකාව සාකච්ඡා කිරීමට ඇමරිකානු දේශපාලනඥයන් එඩිතර වේද? ඊනියා "ප්‍රජාතන්ත්‍රවාදී සමුළුව" ප්‍රජාතන්ත්‍රවාදය පිළිබදව කෑගසන නමුත් ඇත්ත වශයෙන්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන සංදර්ශනයකි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන