ධනවතුන්ට පමණක් සේවය කරන ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය
2021-12-07 14:48:11
Share with:

“ ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදී රටක් නොව ධනවතුන් විසින් පාලනය කරන රටක්.” යනුවෙන් පසුගිය දා සිංගප්පූරු ශාස්තඥයෙකු වන Kishore Mahbubani මහතා සම්මුඛ සාකච්ඡාවකදී පවසා තිබේ. ඇමරිකාවේදී ප්‍රජාතන්ත්‍රවාදය ධනවතුන්ට පමණක් සේවය කිරීම රහසක් නොවේ. මුදල, ‍ඇමරිකාවේ දේශපාලනයේ ප්‍රබල සාධකයකි. මැතිවරණය, නීති සම්පාදනය හා රාජ්‍ය පරිපාලනය ඇතුළු සියලු දේශපාලන ක්‍රියාවලියේ මුදල යන සාධකය ඉස්මතු වේ. ඇමරිකා කොන්ග්‍රස් මණ්ඩලයේ මැතිවරණවලින් 91%කින් ම ජයග්‍රහණ ලැබුවේ වැඩිම මුදල් සහනය ලද අපේක්ෂකයන් වීම ඒ සඳහා වන හොඳ උදාහරණයකි. මුදලට යට වී සිටින ඇමරිකාවේ දේශපාලනඥයන් සතුව ඇති බලතල එරට සුළුතරයක් වන ධනවතුන් වෙනුවෙන් වැඩි‍ වශයෙන් යොදා ගැනීම පුදුමයක් නොවේ.

ගෙවී ගිය වසර 10යේ සමාජ සංවර්ධන දර්ශකය පිළිබඳ සලකා බැලීමේදී එහි පහත වැටී ඇති රටවල් 3ක් අතරට ඇමරිකාව ද සිටින බව 2020 වසරේ රටවල් 163ක් මූලික කරගෙන සිදු කළ සමීක්ෂණ වාර්තාවකින් හෙළි විය.ඇමරිකානු සමාජයේ ප්‍රධාන තරාතිරමක් වන මධ්‍යම පන්තිකයන්ගේ තත්ත්වය වුව ද දිනෙන් දින පහළ යමින් පවතී. මධ්‍යම පන්තිකයන් සංඛ්‍යාව අඩු වී ගෙන යන බවත් , ගත වූ වසර 20 තුළ ඇමරිකානු ජාතිකයන්ගේ පුද්ගලික ධනය වැඩි වී නැති බවත් , එම සමීක්ෂණ වාර්තාව සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන