ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව හේතුවෙන් ගැලවී යන ඇමරිකාවේ වෙස්මුහුණ
2021-12-05 20:48:30
Share with:

ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව හේතුවෙන් ගැලවී යන ඇමරිකාවේ වෙස්මුහුණ_fororder_04ef9a78355c5e1f7808730e88e41fde

ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය බරපතල රෝගී තත්ත්වයට පත් ව තිබියදී ඇමරිකාව විසින් ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව කැඳවීම, හාස්‍යජනක ප්‍රයත්නයකි. මෙවර සමුළුවෙන් රටේ සදාචාර සම්පන්න භාවය ඉහළ නැංවීමට අපේක්ෂා කළද ඉන් සිදුව ඇත්තේ ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන, ප්‍රත්‍යක්ෂ ස්වභාවය ඍජුවම ගෝලීය ප්‍රජාවට අනාවරණය වීමයි.

මේ තත්ත්වය විමසීමේ දී මෑත වසර දෙකක් තුළ ඇමරිකාවේ සිදුවීම් කෙරේ අවධානය යොමුකිරීම සුදුසුය.  අප්‍රිකානු සම්භවය ඇති ඇමරිකානු ජාතික  George Floyd සුදු පොලිස් නිලධාරියෙකු විසින් ඝාතනය කරන ලදී. එහිදී ඇමරිකාව පුරා විරෝධතා පෙළපාළි පැවැත්විණ. නව කොරොනා වසංගතයෙන් ඇමරිකානු ජාතිකයෝ හත්ලක්ෂ අසූ දහසක් මියගියහ. එම අවස්ථාවේ ද  ඇමරිකානු මානව හිමිකම් වෙස් මුහුණ ගැලවී සැබෑ තත්ත්වය ලොවට අනාවරණය විය.

Pew පර්යේෂණ මධ්‍යස්ථානය මෙම වසරේ සිදු කර ඇති සමීක්ෂණයට අනුව, සියයට 72ක ඇමරිකානු ජාතිකයන් අදහස් කරන්නේ තම රට වෙනත් රටවල් සඳහා  ප්‍රජාතන්ත්‍රවාදී ආදර්ශයක් ලෙස සැලකිය නොහැකි බවයි.‍

ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රදීපස්ථම්භය ලෙස තමා හඳුන්වා ගන්නා ඇමරිකාව දැනට දේශීය අර්බුද රැසකට මුහුණ පාමින් සිටියි. මෙවන් තත්ත්යක් හමුවේ ඇමරිකානු දේශපාලනඥයන් විශාල ශක්තියක් යොදවා ඊනියා ‘ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව’ කැඳවීමට තැත් කර ඇත්තේ දේශීය වශයෙන් පවතින ගැටළු සඟවමින්, විදේශයන්ට සිය බලපෑම් ශක්තිය යළි තහවුරු කිරීම සඳහායි. එහෙත් ඇමරිකානු ප්‍රජාතන්ත්‍රවාදය තුළ පවතින විවිධ අඩුපාඩු සහ ඇමරිකාව ප්‍රජාතන්ත්‍රවාදයේ මුවාවෙන් සිදු කළ අධිපතිවාදී බලපෑම් ලෝකයට මනාව අනාවරණය වෙමින් පවතී.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන