එකම චීනය ජගත් සම්මුතිය බිඳදැමීමට ඇමරිකාව සමත් නොවනු ඇත
2021-12-05 16:49:37
Share with:

එකම චීනය ජගත් සම්මුතිය බිඳදැමීමට ඇමරිකාව සමත් නොවනු ඇත_fororder_1697d5d58c88665d2d5ec48215611ac0

ඇමරිකානු රාජ්‍ය ලේකම්  Antony Blinken, තම රට එකම චීනය මූලධර්මය අඛණ්ඩව අනුගමනය කරන බවට පවසා තිබියදීම  චීනයේ තායිවාන ප්‍රදේශය  රටක් ලෙස අමතමින් එම ප්‍රදේශයේ ආරක්ෂක කටයුතුවලට සහාය වනු ඇතැයි ද ප්‍රසිද්ධියේ ‍ප්‍රකාශ කළේය. දෙබිඩි පිළිවෙතක් ප්‍රකට කරන ඔහු දැවැන්ත රටක රාජ්‍යතාන්ත්‍රිකයෙකුගේ ප්‍රතිරූපය විනාශ කර ඇත.

Antony Blinken, චීනය ප්‍රකෝපකාරී මෙහෙයුම් සිදු කළ බවට චෝදනා නැගීම, වරද නිර්මාණය කළ පාර්ශ්වයම වින්දිතයන්ට දොස් නැගීමට තැත් කිරීමක් සේය. ඇමරිකානු යුද ගුවන් යානා, තායිවාන ප්‍රදේශයට ගොඩබස්වා තිබිණ. ඇමරිකානු යුද නෞකා තායිවාන සමුද්‍ර සන්ධි හරහා ගොස් තිබිණ. එම ප්‍රදේශය දැනට යළි නොසන්සුන් තත්ත්වයකට පාත්‍ර ව ඇත්තේ, තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින් ඇමරිකාවේ බලය මත මව්රටෙන් බෙදීමට උත්සාහ දැරීමත්, ඇමරිකාවේ ඇතැම් දේශපාලනඥයන් තායිවාන ප්‍රශ්නය මගින් චීනය මර්දනය කිරීමට ප්‍රයත්න දැරීමත් නිසායි. එම දෙපාර්ශ්වයන් එක්ව තවදුරටත් ගිනි අවුළුවමින් සිටියහොත්, චීනය ඊට අනිවාර්ය ප්‍රතිචාර දැක්විය යුතුව තිබේ. එය, චීනයේ ස්වාධිපත්‍යය හා ආරක්ෂාව සහතික කිරීමේ යුක්ත සහගත ක්‍රියාවකි.

Antony Blinken වැරදි ක්‍රියාකාරකම් මත සුදුහුණු තවරමින්,   කෙතරම් අසාධාරණ ප්‍රකාශ සිදු කළද තායිවාන ප්‍රදේශයේ ඊනියා පාලකයින් ඇමරිකාව සමග එක්ව මෙහෙයවූ කුමන්ත්‍රණ, තායිවාන සමුද්‍ර සන්ධි ප්‍රදේශයට හානිකර සාධකයක් වන බව ප්‍රත්‍යක්ෂ වී තිබේ.  ඇතැම් ඇමරිකානු දේශපාලනඥයන්ගේ දුර්වල රඟපෑමෙන්, එකම චීනය මූලධර්මය පිළිගත් රටවල් 180ක ස්ථිර ස්ථාවරය වෙනස් නොවනු ඇත. චීනයේ එක්සත් වීමේ ඓතිහාසික ප්‍රවණතාවට ද එය බාධාවක් නොවනු ඇත. තායිවාන ප්‍රශ්නය චීනයේ කේන්ද්‍රීය ප්‍රතිලාභයට අදාළ වන බැවින් ඇමරිකානු දේශපාලනඥයන් ඒ පිළිබඳව සැලකිලිමත්ව හැසිරිය යුතුය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන