මානව හිමිකම් ක්ෂේත්‍රයේ කළු පැල්ලම් රැසක් සතු ලිතුවේනියාව ස්වයං විවේචනයකට යොමුවිය යුතු කාලය එළඹ තිබේ
2021-12-01 16:54:17
Share with:

මානව හිමිකම් ක්ෂේත්‍රයේ කළු පැල්ලම් රැසක් සතු ලිතුවේනියාව ස්වයං විවේචනයකට යොමුවිය යුතු කාලය එළඹ තිබේ_fororder_d0c8a786c9177f3ec6bf3e8cd2d8b9ce9e3d564d

ඊනියා ‘ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුව’ ඇමරිකාවේ ප්‍රධානත්වයෙන් තව නොබෝ දිනකින් පැවැත්වේ. ඇමරිකාව විසින් ප්‍රසිද්ධ කෙරුණු, සමුළුවට එක්වන රටවල නාමාවලියට ලිතුවේනියාව ද ඇතුළත්ව තිබීම අතිශය උපහාසාත්මකය. මන්ද, මානව හිමිකම් ක්ෂේත්‍රයේ ලිතුවේනියාව සතු ප්‍රචණ්ඩ, හිංසාකාරී අඳුරු පැතිකඩ ඔස්සේ ඇමරිකාව ප්‍රමුඛ මෙම සමුළුව කොපමණ දුෂ්ට ප්‍රයත්නයක් ද යන්න ජගත් ප්‍රජාව වටහාගනු ඇත.

විදේශීය මාධ්‍ය වාර්තාවන්ට අනුව, ලිතුවේනියාව හා බෙලරුසියාව අතර දේශසීමා මායිම් ප්‍රදේශය මෑතකදී මිහිමත අපායක් බවට පත් ව තිබේ. එක්තරා රාත්‍රියක, පොළොවේ වාඩි වී ගිමන් හරිමින් සිටි සරණාගතයින්, ලිතුවේනියානු හමුදා වාහනයකින් මුදාහැරුණු හමුදා සුනඛයන් විසින් සපා කනු ලැබීය. වරක්, මාස හතක ගැබිණි සරණාගත කාන්තාවක ලිතුවේනියානු පාර්ශ්වය විසින් බෙලරුසියානු දේශසීමාවට ඇදගෙන ගොස් තණබිම මත හෙළනු ලැබීය.

එම පුවත් ලෝකයේ දැඩි අවධානයට ලක්වුවද එය ලිතුවේනියාවේ මානව හිමිකම් උල්ලංඝන කෙරුවාවේ සුලු අනාවරණයක් පමණකි. වර්තමානයේ එරට සිටින යුදෙව් ජාතිකයන් ඇතුළු සුළු ජනතාව බරපතල නොසැලකිල්ලට ලක් ව සිටිති. සෞඛ්‍ය හා ගමනාගමන පහසුකම් පිළිබඳ ඔවුන්ගේ අයිතීන් අහිමි කිරීම හෝ උල්ලංඝනය කිරීම සුලබව සිදුවන්නකි.  ලිතුවේනියාව හා ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවාවේ සහයෝගයෙන් ස්ථාපිත නීති විරෝධී බන්ධනාගාරය තුළ සිරකරුවන්ට හිංසා කරමින් සන්නද්ධ බලය අයුතු ලෙස භාවිත කළ බව ද වාර්තා විය.

මානව හිමිකම් ක්ෂේත්‍රයේ මෙවැනි කළු පැල්ලම් රැසක් සතු ලිතුවේනියාව ස්වයං විවේචනයකට යොමුවිය යුතු කාලය එළඹ තිබේ.  ලිතුවේනියාව ඇතුළු ‘ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රධානීන්ගේ සමුළුවට’ එක්වන ඇතැම් රටවල ද එහි ප්‍රමුඛ රට වන ඇමරිකාවේ ද එවන් අඳුරු අතීත සිද්ධි බොහෝ ය. මේ අනුව, එම සමුළුව ඇමරිකානු දේශපාලනයේ විකාරරූපී නාඩගමක් බව ජගත් ප්‍රජාවට මනාව අවබෝධ වනු ඇත.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන